ඉදිරි මහ මැතිවරණයේදී තරඟ කරන ලකුණ ඇතුළු සියලූ ගැටලූ මේ වනවිට විසඳෙමින් තිබෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළා.
ඒ මහනුවරදී අද මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
මහනුවරට පැමිණි විපක්ෂ නායකවරයා පළමුව මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහානාහිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තා.
අනතුරුව, තමා විපක්ෂ නායක ධුරයට පත්වූ පසු ඉටු කළ කාර්යභාරය පිළිබඳව වාර්තාවක් ද උන්වහන්සේට පිරිනැමුවා.
පසුව, අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන හිමියන් බැහැදැකීමට අස්ගිරි මහා විහාරයට පැමිණි විපක්ෂ නායකවරයා උන්වහන්සේට ද, අදාළ වාර්තාව පිළිගන්වනු ලැබුවා.