සජිත් මල්වතු මහානාහිමියන් බැහැ දකි
Friday, 21 February 2020 - 19:36 | Views - 514
ඉදිරි මහ මැතිවරණයේදී තරඟ කරන ලකුණ ඇතුළු සියලූ ගැටලූ මේ වනවිට විසඳෙමින් තිබෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළා.

ඒ මහනුවරදී අද මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

මහනුවරට පැමිණි විපක්ෂ නායකවරයා පළමුව මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහානාහිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තා.

අනතුරුව, තමා විපක්ෂ නායක ධුරයට පත්වූ පසු ඉටු කළ කාර්යභාරය පිළිබඳව වාර්තාවක් ද උන්වහන්සේට පිරිනැමුවා.  

පසුව, අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන හිමියන් බැහැදැකීමට අස්ගිරි මහා විහාරයට පැමිණි විපක්ෂ නායකවරයා උන්වහන්සේට ද, අදාළ වාර්තාව පිළිගන්වනු ලැබුවා.
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top