කඩවත පොලිස් කොස්තාපල් ඝාතනය ගැන සැකකරුවෙකුගෙන් පාපොච්චාරණයක් - පැහැර ගත් ත්‍රිරෝද රථයත් හමුවේ
Friday, 21 February 2020 - 19:00 | Views - 978
තම ලොකු අම්මාගේ උපදෙස් මත කඩවත පොලිස් ස්ථානයේ කොස්තාපල්වරයා පැහැර ගෙන ගොස් ඝාතනය කළ බව සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු වන සුද්දා නමැත්තා පොලීසිය හමුවේ පාපොච්චාරණය කර තිබෙනවා.

ඔහු තවදුරටත් ප්‍රකාශ කර ඇත්තේ ඝාතනය සිදුකළ ස්ථානයට කොස්තාපල්වරයා සමග අනියම් සබඳතාවය පැවැත්වූ තම ලොකු අම්මාද පැමිණි බවයි.

23 හැවිරිදි මෙම සැකකරු සමග සිද්ධියට තවත් පුද්ගලයෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන ඇති අතර, පැහැර ගැණුනු පොලිස් කොස්තාපල්වරයාගේ නරක් වූ මළ සිරුර පන්නල - වේරහැර මාර්ගයේ බුලූගහවත්ත ප්‍රදේශයේදී ලඳු කැලෑවක තිබී අද උදෑසන පොලීසිය සොයා ගනු ලැබුවේ දින 5ක මෙහෙයුමකින් අනතුරුවයි.

එසේම, පොලිස් කොස්තාපල්වරයා පැහැර ගෙන පැමිණි ත්‍රිරෝද රථය ද පන්නල ප්‍රදේශයේ පෞද්ගලික කර්මාන්තශාලාවක් අසල තිබී අද සොයා ගත්තා.

එය පෑලියගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකුට අයත් බවට හෙළි වී තිබෙනවා.

මීට මාස කිහිපයකට පෙර පොලිස් විශේෂ කාර්ය බලකාය සමග ඇති වූ වෙඩි හුවමාරුවකදී ජිවිතක්ෂයට පත්වූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ඩී.මංජු නමැත්තාගේ බිරිඳගේ ඥාතී කාන්තාවක් සමග වීරකැටිය ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි දෙදරු පියෙකු වන මෙම පොලිස් කොස්තාපල්වරයා අනියම් සබඳතාව පවත්වා තිබුණා.

අදාළ කාන්තාව සමග කිරිබත්ගොඩ - හුණුපිටිය ප්‍රදේශයේ හෝටලයක රැදී සිට ආහාර රැගෙන යාම සඳහා පිටතට පැමිණි අවස්ථාවේදීයි පසුගිය 17 වනදා අලූයම මොහු පැහැර ගැනීමට ලක් වුණේ.

පුද්ගලයින් 4 දෙනෙකු අදාළ ත්‍රිරෝද රථයේ පැමිණ තිබූ අතර, කාන්තාවගේ වැඩිමහල් පුත්‍රයා වන බන්ටි සහ ඇගේ නැගණියගේ පුත්‍රයා වන සුද්දා ද ඊට අයත්.

එම ස්ථානයේ සිට කිලෝමීටර් 100 ක් පමණ, දුරින් පන්නල පිහිටි අදාළ කාන්තාවගේ බාල පුත්‍රයා රැදී සිටි නිවසට පැහැර ගැණුනු පොලිස් කොස්තාපල්වරයා රැගෙන විත් තිබුණේ ත්‍රිරෝද රථයේ දෙපස වැසි ආවරණවලින් වසාගෙනයි.

ඝාතනයට සම්බන්ධ බන්ටි නමැත්තා සහ තවත් සැකකරුවන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය විමර්ශන සිදුකරනවා.

පොලිස් කොස්තාපල්වරයාගේ දේහය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය කුලියාපිටිය වැඩබලන මහේස්ත්‍රාත් කැලූම් හෙට්ටිගමගේ ඉදිරියේ අද පස්වරුවේ සිදුකෙරුණා.

පසුව පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දේහය රැගෙන එන ලැබුවේ කුලියාපිටිය මූලික රෝහල  වෙතයි.

පොලිස් කොස්තාපල්වරයා සමග අනියම් සබඳතාවය පැවැත්වූ කාන්තාවගෙන් ද, පොලීසිය ප්‍රකාශයක් සටහන් කරගෙන තිබෙනවා.

සිද්ධියට ඇයගේ ඍජු සම්බන්ධයක් ඇත්දැයි සොයා තවදුරටත් විමර්ශන සිදුකරන බවයි පරීක්ෂණ සිදුකරන උසස් පොලිස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top