ෆේස්බුක් සමාගම අලුත් වැඩකට සැරසෙයි
Sunday, 05 March 2017 - 11:02 | Views - 2,670
සියදිවි හානිකර ගැනීම වැලැක්වීම සඳහා ෆේස්බුක් සමාගමෙන් කෘත්රිම තාක්ෂණික බුද්ධියක් හඳුන්වා දීමට සුදානම් වනවා.
ලොව විශාලතම සමාජ ජාලා වෙබ් අඩවිය වන ෆේස්බුක් භාවිත කරන පුද්ගලයන්ගේ ජීවිත ආරක්ෂා කර ගැනීම මෙහි අරමුණ වී ඇති බවයි විදෙස් මාධ්ය වාර්තා කරන්නේ.
මෙම කෘත්රිම තාක්ෂණික බුද්ධිය මැසෙන්ජර් සේවාව, ෆේස්බුක් සජීවී විකාශයන් සඳහා යොදා ගැනීමට එම සමාගම සුදානම් වන බවයි වාර්තා වන්නේ.
මෙමඟින් කිසියම් පුද්ගලයෙක් සිය ෆේස්බුක් ගිණුම තුල තබන සටහන්, අනෙකුත් පුද්ගලයන් සමඟ කරනු ලබන මැසෙන්ජර් පණිවුඩ හුවමාරු පිළිබඳව කෘත්රිම තාක්ෂණික බුද්ධිය මගින් පරික්ෂාකර සියදිවි හානිකර ගැනීම පෙළබෙන පුද්ගලයන් මෙහිදී හඳුනාගනු ලබනවා.
මෙම වසරේ ජනවාරි මාසයේදී අමෙරිකාවේ ෆ්ලොරිඩා හි අවුරුදු 14ක දැරියක් තමන් සියදිවි හානිකර ගන්නා ආකාරය සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ සජීවීව විකාශය කර තිබුණා.
මෙවනි තත්වයක් තුල ෆේස්බුක් සමාගම හඳුන්වා දීමට යන මෙම කෘත්රිම තාක්ෂණික බුද්ධිය වඩාත් සාර්ථක එකක් වනු ඇති බවටයි බොහෝ දෙනෙකු මත පල කර තිබෙන්නේ.
Share This Article