කාර්යාල සේවකයින්ට කෑම පැය වෙනුවට කාම පැයක්
Tuesday, 28 February 2017 - 16:28 | Views - 6,811
කාර්යාලීය සේවකයන්ට කෑම පැය වෙනුවට තම සහකරු හෝ සහකාරිය සමඟ ලිංගිකව එක්වීමට පැයක කාලයක් ලබාදීමට කළ යෝජනාවක් පිළිබඳව පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
අදාළ තීරණය උතුරු ස්වීඩනයේ නගරයක් තුළදීයි මෙම යෝජනාව ඉදිරිපත් වී ඇති බවටයි එම වාර්තා පෙන්වා දෙන්නේ.
42 හැවිරිදි මන්ත්‍රීවරයෙක් වන Per-Erik Muskos විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර තිබෙනවා.
ඔහු එහිදී වැඩිදුරටත් ඉදිරිපත් කර ඇත්තේ මේ වන විට එම නගරයේ ජනතාව අතිශය කාර්යබහුල වී ඇති බවයි.
මේ හේතුවෙන් පවුල් සම්බන්ධතා බිඳවැටීමේ අවධානමක් පවතින අතර මෙවැනි තීරණයක් තුලින් එම සම්බන්ධතා ආරක්ෂා වන බවයි ඔහු පෙන්වා දෙන්නේ.
මෙලෙස කාර්යාලීය වෙලාව තුළ වැටුප් සහිතව තම සහකරු හෝ සහකාරිය සමඟ ලිංගිකව එක්වීමට පැයක කාලයක් ලබාදීම තුළින් සේවකයන්ගේ මනස නිරවුල් වන බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.
Share This Article