Sony සමාගම විසින් පසු ගියදා නවතම තාක්ෂණයකින් යුත් ජංගම දුරකතනයක් එළි දැක්වූවා.
අනෙකුත් ප්රධාන පෙළේ ජංගම දුරකතනවලට විශාල ලෙස බලපෑමක් එල්ල කල හැකි මෙම දුරකතනය නම් කර ඇත්තේ Xperia XZ Premium ලෙසයි.
මොවුන් මෙහිදී භාවිතා කර ඇති නවතම තාක්ෂණය වන්නේ Super Slow Motion තාක්ෂණයයි. එමගින් තත්පරයට රූප රාමු 960ක් ලබාගත හැකි වන පරිදි සකස් කර ඇති බවයි සමාගම පවසන්නේ.
Sony සමාගම තව දුරටත් පැවසුවේ මෙම නව තාක්ෂණය සමග වර්තමානයේ ඇති අනෙකුත් ස්මාර්ට් දුරකතනවලට වඩා පාරිභෝගික ඉල්ලුමක් මෙම දුරකතනයට ඇති විය හැකි බවයි.
