
යාපනයේ ගුරුනගර් ප්‍රදේශයේ මවකගේ කණ සපා කන ලද පුතෙකු අප්‍රේල් මස 1 දා දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස යාපනය දිසාවිනිසුරුවරිය වන ගායාත්‍රී සෙල්වම් නියෝග කොට තිබෙනවා.
යාපනයේ ගුරුනගර් ප්‍රදේශයේ පදිංචි පණස් හතර හැවිරිදි මව සමග කිසියම් සිද්ධියකට ආරවුලක් ඇතිකරගත් ඇගේ පුතා මවගේ කණ සපා කා ඇති බවයි වාර්තා වන්නේ.
සිද්ධියෙන් බරපතල තුවාල ලැබූ මව යාපනය ශීක්ෂණ රෝහලට ඇතුළත් කොට තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් යාපනය රෝහල් පොලීසිය තුවාලලද මවගෙන් ලබා ගත් කට උත්තරයකට අනුව ඒ බව යාපනය පොලීසියට දැණුම් දීමෙන් පසුව පොලීසිය අදාල තරුණයා අත් අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කොට තිබෙනවා.
96 Views
143 Views
98 Views
117 Views
104 Views
91 Views
91 Views
115 Views
69 Views
106 Views
144 Views
227 Views
168 Views
117 Views
106 Views
104 Views
69 Views