‘Obsession’ සමඟින් හොලිවුඩය හොල්ලන්න එන YouTube තරුව.. අලුත්ම අත්දැකීමක් විඳගන්න ඔබත් සූදානම්ද?
Tuesday, 12 May 2026 - 11:44 | Views - 277
සිනමා ලෝලීන් නොඉවසිල්ලෙන් බලා සිටි 'Obsession' චිත්‍රපටය තිරගත වීමට දැන් සියල්ල සූදානම් කරලා තිබෙනවා.

තවත් දින දෙකක් වැනි කෙටි කාලයකින්, එනම් 2026 මැයි 15 වන දින ලොව පුරා සිනමාහල් වෙත මේ Supernatural Horror සිනමාපටය තිරගතවීමට නියමිතයි.

මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂණය හා තිර රචනය සිදු කරන්නේ Curry Barker වන අතර ඔහුව ලෝකයම හඳුනාගත්තේ ඩොලර් 800ක් වැනි ඉතා සුළු මුදලකින් නිපදවූ Milk & Serial නම් YouTube චිත්‍රපටය හරහායි.

එය මිලියන 1.9ක නැරඹුම් වාර ලබාගැනීමත් සමඟ හොලිවුඩයේ දැවැන්ත නිෂ්පාදකයින් ඔහු සොයා පැමිණ තිබෙනවා.

දැවැන්ත නිෂ්පාදන පිරිවැයක් සහිත මේ නිර්මාණය බිහිවන්නේ එම ගමනේ ප්‍රතිඵලයක් ලෙසයි.

කුඩා කල තමන් ආදරය කළ තරුණියගේ සිත දිනාගැනීමට මැජික් සෙල්ලම් බඩුවක් භාවිතා කරන පුද්ගලයෙකු වටා කතාව ගෙතෙනවා.

ඔහුගේ ප්‍රාර්ථනාව ඉටු වුවත්, ඒ හරහා ඇති වන ආදරය කෙමෙන් මාරාන්තික උන්මාදයක් බවට පත්වන අයුරුත්, ඔහුගේ සරල ප්‍රාර්ථනාව ලේ වැකි සිහිනයක් වන අයුරුත් මෙහි අන්තර්ගත වෙනවා.

Capstone Pictures, Tea Shop Productions හා Under the Shell යන සමාගම් මේ නිර්මාණයේ නිශ්පාදන කටයුතු සිදුකරනවා.

මෙහි අඩංගු දරුණු ප්‍රචණ්ඩත්වය, ලේ වැකි දර්ශන හා සංවේදී දර්ශන හේතුවෙන් වැඩිහිටියන්ට පමණක් (Rated R) සීමා කරලා තිබෙනවා.

අතිශය බියකරු අත්දැකීමක් බලාපොරොත්තුවෙන් සිටින සිනමා ලෝලීන්ට 'Obsession' සැබවින්ම නවතම අත්දැකීමක් වනු නිසැකයි.
Share This Article
Hiru Tv Blog
දත් මැදීමෙන් පමණක් මුඛයේ සෞඛ්‍යය සම්පූර්ණයෙන්ම...
Hiru Tv Blog
මෙරට උපතේ සිට අවුරුදු 19 දක්වා වන වයස් කාණ්ඩවල...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රයේ සිටින දක්ෂතම මෙන්ම සුරූපීම රංගන ශිල්පිනියක් ලෙස...
Hiru Tv Blog
කලා ලෝකයේ ඉන්න අතිශය ජනප්‍රිය වගේම ආදරණීය යුවලක් තමයි රුවන් හෙට්ටිආරච්චි සහ...
Hiru Tv Blog
මේ කියන්න යන්නේ ඔයාලා හැමෝම ගොඩක් ආදරය කරන අපේ පුංචි තිරයේ වගේම කලා ක්ෂේත්‍රයේ...
Hiru Tv Blog
ඉන්දියාවේ අභ්‍යවකාශ තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ස්ටාර්ට්අප් ආයතනයක් වන...
Hiru Tv Blog
ඉදිරි වසර 10 ක කාලය තුළ කෘත්‍රිම බුද්ධිය හෙවත් AI (Artificial Intelligence) තාක්ෂණය මගින් සමස්ත...
Hiru Tv Blog
මානවරූපී රොබෝ තාක්ෂණයේ විප්ලවීය සන්ධිස්ථානයක් සලකුණු කරමින් ජැමෙයිකානු කෙටි...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top