අධ්‍යාපන ක්ෂේත්‍රයේ දැවැන්ත පෙරළියක් 2027දී.. සාමාන්‍ය පෙළ විභාගය විෂයයන් 7කට සීමා කිරීමට සැලසුම්..
Tuesday, 15 September 2026 - 10:08 | Views - 24
2027 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අනුව අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා ඉතිහාසය හා සෞන්දර්ය විෂයන් ඇතුළත්ව සමස්ත විෂයයන් සංඛ්‍යාව 7ක් දක්වා සීමා කිරීමට සැලසුම් කර තිබෙනවා.

අග්‍රාමාත්‍ය මෙන්ම අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පැවැති අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ අනුකාරක සභා රැස්වීමේදී මේ පිළිබඳව විශේෂ සාකච්ඡාවක් පැවැත්වූ බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

යෝජිත නව ප්‍රතිසංස්කරණ යටතේ සිදුකිරීමට නියමිත ප්‍රධාන වෙනස්කම් කිහිපයක් පිළිබඳවම මෙහිදී අවධානය යොමු කර තිබෙනවා.

ඒ අනුව විෂයයන් සංඛ්‍යාව 7කට සීමා කිරීමට අමතරව පාසල් සිසුන් උදෙසා 10 සහ 11 ශ්‍රේණිවල සිටම වෘත්තීය අධ්‍යාපනය හඳුන්වාදීමට පියවර ගන්නා අතර, ජ්‍යෙෂ්ඨ ද්විතියික අධ්‍යාපනය ලබන 12 සහ 13 ශ්‍රේණි සඳහා සමාජ සංහිඳියාව, නීතිය හා ආචාර ධර්ම යන වැදගත් මොඩියුලයන් ඇතුළත් කිරීමට නියමිතයි.

මෙම නව පද්ධතියේ ආරම්භක පියවරක් ලෙස 2 සහ 6 ශ්‍රේණි සඳහා අවශ්‍ය ක්‍රියාකාරකම් පොත්, ගුරු මාර්ගෝපදේශ සහ මොඩියුල මේ වන විටත් සාර්ථකව සකස් කර ඇති අතර ඊට අදාළ ගුරු පුහුණු වැඩසටහන් ද ක්‍රියාත්මක කිරීම ඇතුළු අනෙකුත් සියලු ප්‍රායෝගික කටයුතු මේ වන විටත් සංවිධානය වෙමින් පවතින බව මෙම රැස්වීමේදී වැඩිදුරටත් අනාවරණය වී තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
දත් මැදීමෙන් පමණක් මුඛයේ සෞඛ්‍යය සම්පූර්ණයෙන්ම...
Hiru Tv Blog
මෙරට උපතේ සිට අවුරුදු 19 දක්වා වන වයස් කාණ්ඩවල...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රයේ සිටින දක්ෂතම මෙන්ම සුරූපීම රංගන ශිල්පිනියක් ලෙස...
Hiru Tv Blog
කලා ලෝකයේ ඉන්න අතිශය ජනප්‍රිය වගේම ආදරණීය යුවලක් තමයි රුවන් හෙට්ටිආරච්චි සහ...
Hiru Tv Blog
මේ කියන්න යන්නේ ඔයාලා හැමෝම ගොඩක් ආදරය කරන අපේ පුංචි තිරයේ වගේම කලා ක්ෂේත්‍රයේ...
Hiru Tv Blog
ඉන්දියාවේ අභ්‍යවකාශ තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ස්ටාර්ට්අප් ආයතනයක් වන...
Hiru Tv Blog
ඉදිරි වසර 10 ක කාලය තුළ කෘත්‍රිම බුද්ධිය හෙවත් AI (Artificial Intelligence) තාක්ෂණය මගින් සමස්ත...
Hiru Tv Blog
මානවරූපී රොබෝ තාක්ෂණයේ විප්ලවීය සන්ධිස්ථානයක් සලකුණු කරමින් ජැමෙයිකානු කෙටි...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top