චීනයෙන් ඓතිහාසික අභ්‍යවකාශ මෙහෙයුමක්.. විශේෂ පර්යේෂණයක විස්තර මෙන්න.
Sunday, 24 May 2026 - 12:16 | Views - 45
චීනය අභ්‍යවකාශ ක්ෂේත්‍රයේ නව වාර්තාවක් තැබීමට සූදානම් වන බව විදෙස් වාර්තා සඳහන් කරනවා.

ඒ අනුව, දීර්ඝ කාලීන අභ්‍යවකාශ සංචාරවලදී මිනිස් සිරුරේ සිදුවන කායික විද්‍යාත්මක වෙනස්කම් පිළිබඳව පුළුල් අධ්‍යයනයක් සිදු කිරීම සඳහා අභ්‍යවකාශගාමීන් තුන්දෙනෙකු ෂෙන්ෂෝ-23‍ යානයෙන් අද දිනයේදී චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත පිටත් කර හැරීමට එරට බලධාරීන් කටයුතු කර තිබෙනවා.

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ විද්‍යාඥයින් පිරිසක් අඛණ්ඩව වසරක වැනි දීර්ඝ කාලයක් අභ්‍යවකාශයේ රැඳී සිටින පළමු අවස්ථාව මෙය වීමද විශේෂත්වයක්.

මෙමඟින් අනාගතයේදී සිදු කිරීමට නියමිත ඈත අභ්‍යවකාශ ගවේෂණ මෙහෙයුම් සඳහා වැදගත් දත්ත රැසක් අනාවරණය කර ගැනීමට හැකි වනු ඇතැයි විද්‍යාඥයින් අපේක්ෂා කරනවා.

මෙම ඓතිහාසික මෙහෙයුමට එක්වූ අභ්‍යවකාශගාමීන් තිදෙනා අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත ළඟාවීමෙන් පසු එහි සිටින අනෙකුත් සාමාජිකයින් සමඟ එක්ව සිය පර්යේෂණ කටයුතු ආරම්භ කිරීමට නියමිතයි.

චීනය අභ්‍යවකාශ ක්ෂේත්‍රය තුළ දැවැන්ත පිම්මක් තබමින්, ලෝකයේ සෙසු රටවල් අභිබවා යමින් මෙලෙස නව වාර්තා තබමින් සිටිනවා.

China set for latest space launch, with Hong Kong astronaut ...
Share This Article
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ වෙසෙන සමස්ත ජනතාවම තමන්ගේ...
Hiru Tv Blog
කොංගෝ ජනරජයේ සිදුවූ ඉබෝලා වෛරස් ව්‍යාප්තියෙන්...
Hiru Tv Blog
කොංගෝ රාජ්‍යයේ නැගෙනහිර ඉටුරි (Ituri) පළාතේ...
Hiru Tv Blog
ඇය ඇත්තටම බොහෝ දෙනාගේ ආදරය දිනාගත්ත චරිතයක්.ශෙනායා වැන්හොෆ්, මේ දවස්වල හිරු...
Hiru Tv Blog
කලා ලෝකයේ වගේම සමාජ මාධ්‍යවලත් නිතරම කාගේත් අවධානය දිනාගන්නා, තමන්ගේම අනන්‍යතාවයකින්...
Hiru Tv Blog
ලෝකයේ මිලියන සංඛ්‍යාත ප්‍රේක්ෂකයින් පිරිසක් ඉතා නොඉවසිල්ලෙන් බලා සිටි "Eurovision...
Hiru Tv Blog
ඔබ iPhone එකක් භාවිත කරන්නෙකු නම්, මීට වසර 9කට පමණ පෙර iPhone X මාදිලිය සමඟ ඇපල් සමාගම හඳුන්වා...
Hiru Tv Blog
තායිලන්තයෙන් හමුවූ පැරණි පොසිල කොටස් කිහිපයක් ඇසුරින්, වසර මිලියන ගණනකට පෙර...
Hiru Tv Blog
ලෝකය පුරා පවතින දැඩි උණුසුම හා ජල හිඟයට සාර්ථක විසඳුමක් ලබා දීමට ඕස්ට්‍රේලියාවේ...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top