"හැමදාම ගහලා හදන්න බැහැ.." ප්‍රින්සිපල්ව ඔච්චමට ගත්ත, රන්ජන්ට අමතක නොවෙන දඬුවමක්..
"one man art exhibition" කරන්න රන්ජන් සිද්ධ වුණේ ඇයි..? ඔහු මීගමුව මාරිස්ටෙලා විද්‍යාලයේ ආදි සිසුවෙක්..
පාසල් කාලයේ අපි හැමෝම කරපු දඟ වැඩපු අතීතයක් තියනවා නේ. ඒ මතක ඇත්තටම හරි සුන්දරයි. රන්ජන් රාමනායක , ලංකාවම දන්න මේ ජනප්‍රිය චරිතය පාසල් කාලේ ටිකක් දඟකාර කෙනෙක්.
ඒ නිසා රන්ජන්ට විවිධ අවස්ථාවල දඬුවම් පවා ලැබිලා. ඒත් ඒවා හරිම සුන්දර මතක. රන්ජන් මෙවර D -Talk වැඩසටහනට මුල පුරන්නේම අන්න ඒ වගේ කාරණයකින්.
රන්ජන් උසස්පෙළ පන්තියේ ඉගෙන ගන්නකොට හැමදාමත් වගේම විවිධ ගුරුවරු සිතුවම් කරනවාලු. කොලුකමට ඒ කාලේ කරපු මේ වැඩේ හින්දා විවිධ අවස්ථාවල ඔහු පාසලේ විදුහල්පතිගෙන් පවා දඬුවම් ලබපු අවස්ථා නැතුවාම නෙවෙයි. ඒත් දවසක් රන්ජන්ට හිමිවුනේ අපූරු දඬුවමක්.
ඒ මොකක්ද දන්නවාද..?
ඔහු දවසක් මේ වගේ ඔච්චමට විදුහල්පතිගේ මුහුණ චිත්‍රයට නගලා. අන්න ඒ වරදට දඬුවම් විදිහට රන්ජන්ට පාසලේ "one man art exhibition" එකක් කරන්නත් සිද්ධ වෙලා ලු.
කොහොම හරි මේකට ගොඩක් දෙනෙක් ඔහුට උදව් කරලා. අන්න ඒ සුන්දර මතකයත් එක්ක ඒ නිසා පාසලේ නම තවත් ඉහළට ගෙනගිය හැටි ගැන රන්ජන් අද කිව්වේ මේ වගේ කතාවක්..