Star Wars රසිකයින්ට සුබ ආරංචියක්.. 'The Mandalorian' හා 'Baby Yoda'ගේ අලුත්ම සිනමා අත්දැකීම.
Friday, 15 May 2026 - 16:14 | Views - 442
"Star Wars" ටෙලි කතා මාලාවන් අතරින් ලොව පුරා ඉහළම ප්‍රේක්ෂක ආකර්ෂණයක් හා ජනප්‍රියත්වයක් දිනා ගැනීමට සමත්වූ චරිත දෙකක් වන්නේ පේඩ්‍රෝ පැස්කල් (Pedro Pascal) විසින් රඟපාන 'The Mandalorian' හා 'Baby Yoda' ලෙස කා අතරත් ප්‍රකට කුඩා කොළ පැහැති 'Grogu' චරිතයයි.

දැන් මේ සුපිරි සුසංයෝගයටම වෙන්වූ අලුත්ම සිනමා පටය වන "The Mandalorian and Grogu" එළඹෙන මැයි 22 වනදා සිට ජාත්‍යන්තර වශයෙන් තිරගත කිරීමට සියලු කටයුතු සූදානම් කරලා තිබෙනවා.

මෙය 2019 වසරේ තිරගත වූ "The Rise of Skywalker" චිත්‍රපටයෙන් පසුව සිනමා ශාලා වෙත පැමිණෙන පළමු නවතම Star Wars සිනමා පටය වීමද විශේෂත්වයක්.

මෑතකදී නිකුත් වූ මෙහි නිල ප්‍රචාරක පටය මගින් දැවැන්ත සටන්, අති දැවැන්ත ජීවීන්, X-Wing Fighters හා AT-ATs වැනි සිනමා ලෝලීන් ප්‍රිය කරන දර්ශන රැසක් ප්‍රදර්ශනය කිරීමට සංවිධායකයින් පියවර ගෙන තිබෙනවා.

මේ චරිත ද්විත්වය මීට පෙර රූපවාහිනී කතා මාලාව තුනක් පුරා දිග හැරුණු බැවින්, ඔවුන්ව සිනමා තිරයකට ගෙන ඒම සාධාරණද යන ප්‍රශ්නය ඇතැම් විචාරකයින් මතු කරලා තිබෙනවා.

සිනමා ශාලාවලට පැමිණෙන ප්‍රේක්ෂකයින් වෙනුවෙන් තමන් මෙවර නිර්මාණයේ ගුණාත්මකභාවය බෙහෙවින් ඉහළ නංවා ඇති බව අධ්‍යක්ෂ හා සම-ලේඛක ජෝන් ෆැව්රෝ (Jon Favreau) Games Radar වෙත අදහස් දක්වමින් කියා සිටියා.

විශේෂයෙන්ම IMAX තිරයන්හි Taller Aspect Ratios හා සිනමා තිරයම පිරී යන ආකාරයේ දැවැන්ත දර්ශන තල යොදාගනිමින් ප්‍රේක්ෂකයින්ව සැබෑ පාරිසරික අත්දැකීමකට රැගෙන යාමට කටයුතු කළ බව ඔහු අවධාරණය කළා.

හොලිවුඩ් සිනමා ලෝලීන් මෙන්ම විශේෂයෙන්ම Star Wars රසිකයින් දැඩි උනන්දුවකින් බලා සිටින මේ සිනමා පටය, එළඹෙන මැයි 22 වැනිදා සිට ලොව පුරා ප්‍රදර්ශනය ආරම්භ කිරීමට නියමිත බවද වාර්තා වෙනවා.
Share This Article
Hiru Tv Blog
දත් මැදීමෙන් පමණක් මුඛයේ සෞඛ්‍යය සම්පූර්ණයෙන්ම...
Hiru Tv Blog
මෙරට උපතේ සිට අවුරුදු 19 දක්වා වන වයස් කාණ්ඩවල...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රයේ සිටින දක්ෂතම මෙන්ම සුරූපීම රංගන ශිල්පිනියක් ලෙස...
Hiru Tv Blog
කලා ලෝකයේ ඉන්න අතිශය ජනප්‍රිය වගේම ආදරණීය යුවලක් තමයි රුවන් හෙට්ටිආරච්චි සහ...
Hiru Tv Blog
මේ කියන්න යන්නේ ඔයාලා හැමෝම ගොඩක් ආදරය කරන අපේ පුංචි තිරයේ වගේම කලා ක්ෂේත්‍රයේ...
Hiru Tv Blog
ඉන්දියාවේ අභ්‍යවකාශ තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ස්ටාර්ට්අප් ආයතනයක් වන...
Hiru Tv Blog
ඉදිරි වසර 10 ක කාලය තුළ කෘත්‍රිම බුද්ධිය හෙවත් AI (Artificial Intelligence) තාක්ෂණය මගින් සමස්ත...
Hiru Tv Blog
මානවරූපී රොබෝ තාක්ෂණයේ විප්ලවීය සන්ධිස්ථානයක් සලකුණු කරමින් ජැමෙයිකානු කෙටි...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top