හැමෝම ආදරය කරන මේ සත්තුන්ගෙන් තමයි ලොකුම අවදානම.. සෞඛ්‍ය අංශවලින් ජනතාවට අනතුරු ඇඟවීමක්..
Tuesday, 02 June 2026 - 14:16 | Views - 294
මෙරට ගෘහාශ්‍රිත හා වීදි සුනඛයන් ලක්ෂ තිහක් (මිලියන 03ක්) පමණ ජීවත් වන නමුත්, ඒ අතරින් එන්නත්කරණයට ලක්වනුයේ සියයට පනස් හතරක් (54%) වැනි සතුන් ප්‍රමාණයක් පමණක් බව ජලභීතිකා මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ වෛද්‍ය ආචාර්ය නිරෝෂන් ගමගේ පවසනවා.

පසුගියදා (22 වැනිදා) සබරගමු පළාත් ආණ්ඩුකාර චම්පා ජානකී රාජරත්නගේ ප්‍රධානත්වයෙන් සබරගමුව පළාත් ආණ්ඩුකාර කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැති රත්නපුර දිස්ත්‍රික්කයේ ජලභීතිකා රෝගය අවම කිරීම සඳහා වූ සමාරම්භක රැස්වීමට එක් වෙමින් මේ බව පවසා සිටියා.

ලබාදී ඇති දත්ත වාර්තාවලට අනුව පසුගිය වසරේදී පමණක් ජලභීතිකා රෝගය වැළඳීම හේතුවෙන් මෙරට පුද්ගල මරණ 14ක් වාර්තා වී තිබෙනවා.

මේ වනවිටත් රත්නපුර, කුරුණෑගල, යාපනය හා කොළඹ යන දිස්ත්‍රික්ක ජලභීතිකා රෝගය ව්‍යාප්ත වීමේ අධි අවදානම් කලාප ලෙස සෞඛ්‍ය අංශ විසින් හඳුනාගෙන තිබෙනවා.

මෙරට ජලභීතිකා රෝගය බෝවීම සඳහා සියයට අනූ අටක්ම (98%) හේතුවී ඇත්තේ සුනඛයන් බව අනාවරණය වී තිබෙනවා.

විශේෂයෙන්ම වීදි සුනඛයන්ට වඩා ගෘහාශ්‍රිතව ඇති දැඩි කරන සුනඛයන් නිසා ජලභීතිකාව වැළඳීමේ ප්‍රවණතාවය ඉහළ මට්ටමක පවතින බව වෛද්‍යවරයා පෙන්වා දුන්නා.

මෙරට සෑම මිනිසුන් අට දෙනකුටම එක් සුනඛයෙකු බැගින් සිටිනවා. සුනඛයන් හැරුණු කොට බළලා, ගවයා හා ලේනා වැනි සෙසු ක්ෂීරපායී සතුන් හේතුවෙන් ජලභීතිකාව ඇති වීමේ ප්‍රවණතාවය පවතින්නේ සියයට දෙකක් (2%) වැනි සුළු අගයකයි.

ජලභීතිකා මර්දනය හා සුනඛයන් වෙනුවෙන් රජය විසින් වාර්ෂිකව රුපියල් බිලියන පහකට (කෝටි 500කට) අධික දැවැන්ත මුදලක් වැය කරනු ලබනවා.

සතුන් සපා කෑම නිසා තුවාල ලබන මිනිසුන් වෙනුවෙන් ලබාදෙන ප්‍රතිජලභීතිකා එන්නත් සඳහා පමණක් රුපියල් මිලියන 4,000ක් (බිලියන 04ක්) වැය වන අතර, එක් සුනඛයෙකු එන්නත් කිරීම සඳහා රජයට රුපියල් 3,500 ක මුදලක් වැය වන බවයි එම ව්‍යාපාරයේ අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කළා.

අරුණ පුවත්පත ඇසුරෙන්..
Share This Article
Hiru Tv Blog
දත් මැදීමෙන් පමණක් මුඛයේ සෞඛ්‍යය සම්පූර්ණයෙන්ම...
Hiru Tv Blog
මෙරට උපතේ සිට අවුරුදු 19 දක්වා වන වයස් කාණ්ඩවල...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රයේ සිටින දක්ෂතම මෙන්ම සුරූපීම රංගන ශිල්පිනියක් ලෙස...
Hiru Tv Blog
කලා ලෝකයේ ඉන්න අතිශය ජනප්‍රිය වගේම ආදරණීය යුවලක් තමයි රුවන් හෙට්ටිආරච්චි සහ...
Hiru Tv Blog
මේ කියන්න යන්නේ ඔයාලා හැමෝම ගොඩක් ආදරය කරන අපේ පුංචි තිරයේ වගේම කලා ක්ෂේත්‍රයේ...
Hiru Tv Blog
කෘතිම බුද්ධිය (AI) සහ රොබෝ තාක්ෂණය වේගයෙන් වර්ධනය වීම හමුවේ මිනිස් රැකියා සුරක්ෂිතභාවය...
Hiru Tv Blog
ගොඩබිම මෙන්ම මුහුදේ ද එකවර ධාවනය කළ හැකි උසස් තාක්ෂණයෙන් යුත් උභයජීවී (Amphibious) යාත්‍රාවක්...
Hiru Tv Blog
ඉන්දියාවේ අභ්‍යවකාශ තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ස්ටාර්ට්අප් ආයතනයක් වන...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top