කතා කරන බැටළුවන් හා අභිරහස් මරණය.. සාම්ප්‍රදායික හොලිවුඩ් රාමුවෙන් ඔබ්බට ගිය පවුලේ සිනමා පටය..
Saturday, 16 May 2026 - 13:20 | Views - 215
මේ මාසයේදී මැයි 2 වන දින ප්‍රේක්ෂකයින් අතරට පැමිණි කතා කරන ගොවිපළ සතුන් රැගත් චිත්‍රපට ද්විත්වය අතරින් සුවිශේෂී සිනමා පටයක් වන "The Sheep Detectives" සිනමා පටය පිළිබඳව මේ වනවිට ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයේ දැඩි කතාබහක් නිර්මාණය වී තිබෙනවා.

Live action හා අතිශය සුරතල් CGI තාක්ෂණයෙන් මැවූ බැටළුවන්ගේ දර්ශන එකට මුසු කරමින්, අපරාධ ගවේෂණ සිනමා ශානරයට හාස්‍යය මුසු කරමින් මේ චිත්‍රපටය නිර්මාණය කරලා තිබෙනවා.

මෙහි සුපිරි නළු Hugh Jackman විසින් රඟපානු ලබන්නේ, සෑම සන්ධ්‍යාවකම තමන්ගේ ආදරණීය බැටළු රෑනට අපරාධ සහ අභිරහස් කතා කියවා දීමට පුරුදු වූ අපූරු එඬේරෙකුගේ චරිතයකි.

කෙසේවෙතත්, දිනක් මේ එඬේරා අභිරහස් ලෙස මියයන අතර, සෑම දිනකම අපරාධ කතා අසා පුරුදු වී සිටි බැටළු රෑන එම මිනීමැරුම විමර්ශනය කරන්නේ කෙසේද යන්න පිළිබඳව හොඳින්ම දැන සිටිනවා.

මුලින් ඇසීමේදී මෙය සාමාන්‍ය කතාවක් ලෙස පෙනුනද මෙය සිතීමට යමක් ඉතිරි කරන හාස්‍යය සපිරි ඉතා සාර්ථක Murder mystery චිත්‍රපටයක් වන බව සිනමා විචාරකයින් පවසනවා.

මේ චිත්‍රපටයේ සජීවී රංගනයෙන් හොලිවුඩයේ ප්‍රකට තරු වන Emma Thompson, Nicholas Braun හා Nicholas Galitzine දායක වන බව නිෂ්පාදකයින් අනාවරණය කළා.

එමෙන්ම, මෙහි සිටින සතුන් සඳහා හඬ කැවීමෙන් Julia Louis-Dreyfus, Patrick Stewart, Bryan Cranston හා Chris O'Dowd වැනි දැවැන්තයින් පිරිසක් එක්ව සිටීමද විශේෂත්වයක්.

"The Sheep Detectives" යනු සාම්ප්‍රදායික රාමුවෙන් ඔබ්බට ගිය, මුළු පවුලටම එකට හිඳ නැරඹිය හැකි ඉතා දුර්ලභ ගණයේ විශිෂ්ට පවුලේ විනෝදාත්මක සිනමා නිර්මාණයක් බව ප්‍රකට 'Variety' සිනමා සඟරාවේ විචාරක Guy Lodge සඳහන් කරලා තිබෙනවා.

හොලිවුඩ් සිනමා ලෝලීන්ට මේ චිත්‍රපටය නවතම සිනමා අත්දැකීමක් වනු ඇති බව ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් ප්‍රකාශ කර තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
දිවයින පුරා පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත්...
Hiru Tv Blog
වසරේ මේ දක්වා ගත වූ කාලය තුළ වාර්තා වූ ඩෙංගු...
Hiru Tv Blog
මැලේසියානු අන්තර්ජාතික සිනමා උළෙලේදී හොඳම නළුවාට හිමි සම්මානය දිනාගැනීමට...
Hiru Tv Blog
ලොව වැඩිම යූටියුබ් සබ්ස්ක්‍රයිබර්ස්ලා සංඛ්‍යාවක් සිටින ජනප්‍රිය යූටියුබ්...
Hiru Tv Blog
පුංචි තිරයෙන් වගේම සිනමාවෙනුත් අපේ ආදරය දිනාගත්ත සචිනි අයේන්ද්‍රා කියන්නේ...
Hiru Tv Blog
අද වන විට මුළු මහත් ලෝකයම ක්‍රියාත්මක වන්නේ Wi‑Fi තාක්ෂණය මත වුවත්, අප එදිනෙදා...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රිය ‘Rockstar Games’ සමාගමේ දැවැන්තම ක්‍රීඩා මාලාවේ නවතම සංස්කරණය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණයේ සීඝ්‍ර වර්ධනයත් සමඟ මතක සහ ගබඩා චිප් (Memory and Storage Chips)...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top