"මට දැනෙන්නේ මාව ගිලෙනවා වගේ.." මොන්රෝ ලියූ ඒ සංවේදී සටහනත් වෙන්දේසියට.. මනෝ වෛද්‍යවරයා සැඟවූ ඒ රහස් ලිපියේ තිබුණේ මොනවාද?
Sunday, 10 May 2026 - 10:30 | Views - 237
හොලිවුඩයේ අමරණීය සිනමා තරුවක වන මැරිලින් මොන්රෝගේ අතිශය පෞද්ගලික භාණ්ඩ එකතුවක් ඇයගේ 100 වැනි ජන්ම දිනය යෙදෙන ජූනි මස 01 වැනිදා වෙන්දේසි කිරීමට කටයුතු යොදා තිබෙනවා.

Heritage Auctions ආයතනය මගින් සංවිධානය කරන මෙම වෙන්දේසිය හරහා මොන්රෝගේ ජීවිතයේ මෙතෙක් ලොවට රහසක්ව පැවති පැති කිහිපයක් අනාවරණය වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මොන්රෝගේ සමීපතම මිතුරන් වූ නෝමන් සහ හෙඩා රොස්ටන් සතු වූ මෙම එකතුවට ඇය ඇඳි ඇඳුම් පැළඳුම්, ආභරණ, ලිපි, ඇය විසින්ම ලියන ලද සටහන්, සිතුවම් සහ කවි ඇතුළත්.

මීට පෙර කිසි දිනෙක ප්‍රසිද්ධියට පත් නොවූ ලිපි ලේඛනද මෙම එකතුවට ඇතුළත් බවත්, එහිදී, මෙම ලේඛන හරහා මොන්රෝගේ ප්‍රේම සබඳතා, දරු ගැබක් අහිමි වීම පිළිබඳ ඇය තුළ තිබූ බිය සහ මරණය පිළිබඳ ඇය කළ මෙනෙහි කිරීම් විදහා දක්වන බවත් එම මාධ්‍ය වාර්තාවේ සඳහන්.

වෙන්දේසි ආයතනයේ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ බ්‍රයන් චේන්ස් පවසන පරිදි, ඇයගේ මානසික පීඩනය හෙළිවන එක් සුවිශේෂී සටහනක් ද මෙහි ඇතුළත්.

එහි ඇය "මට දැනෙන්නේ මා ගිලෙමින් සිටිනවා වැනි හැඟීමක්" යනුවෙන් ලියා ඇති අතර, ජලයේ ගිලී යන රූපයක් ද එහි ඇඳ තිබෙන බවයි සඳහන්.

මොන්රෝගේ හිටපු සැමියෙකු වූ නාට්‍ය රචක ආතර් මිලර් විසින් එවන ලද ලිපි මෙන්ම, ඇය මිය යාමට පෙර දින කිහිපය පිළිබඳ ඇගේ මනෝ වෛද්‍යවරයා විසින් ලියන ලද මෙතෙක් අනාවරණය නොවූ ලිපියක් ද මෙම එකතුවට ඇතුළත් බවයි විදෙස් මාධ්‍ය වාර්තාවේ සඳහන් වන්නේ.

1926 දී නෝර්මා ජීන් මෝර්ටෙන්සන් නමින් අමෙරිකාවේදී උපත ලැබූ මැරිලින් මොන්රෝ, සිය වෘත්තීය ගමන ආරම්භ කළේ නිරූපිකාවක ලෙසින්.

පසුව 1940 දශකයේ අගභාගයේදී සිනමාවට පිවිසි ඇය, 1950 දශකය වන විට ලොව වඩාත්ම ඉල්ලුමක් ඇති නිළිය බවට පත් වුණා.

1962 අගෝස්තු 04 වැනිදා වයස අවුරුදු 36 දී ඇය මියගොස් සිටියදී හමු වූ අතර, එය අධික ලෙස නිදි පෙති පානය කිරීමෙන් සිදුවූ මරණයක් (Overdose) ලෙස තීන්දු කළා.

කෙසේ වෙතත්, ඇයගේ මරණය අදටත් විවිධ කුමන්ත්‍රණ කථා සහ අබිරහස් වලින් පිරි එකක් ලෙස බොහෝ දෙනා විශ්වාස කරනු ලබනවා.

මූලාශ්‍රය | රොයිටර්ස්
Share This Article
Hiru Tv Blog
දත් මැදීමෙන් පමණක් මුඛයේ සෞඛ්‍යය සම්පූර්ණයෙන්ම...
Hiru Tv Blog
මෙරට උපතේ සිට අවුරුදු 19 දක්වා වන වයස් කාණ්ඩවල...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රයේ සිටින දක්ෂතම මෙන්ම සුරූපීම රංගන ශිල්පිනියක් ලෙස...
Hiru Tv Blog
කලා ලෝකයේ ඉන්න අතිශය ජනප්‍රිය වගේම ආදරණීය යුවලක් තමයි රුවන් හෙට්ටිආරච්චි සහ...
Hiru Tv Blog
මේ කියන්න යන්නේ ඔයාලා හැමෝම ගොඩක් ආදරය කරන අපේ පුංචි තිරයේ වගේම කලා ක්ෂේත්‍රයේ...
Hiru Tv Blog
ඉන්දියාවේ අභ්‍යවකාශ තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ස්ටාර්ට්අප් ආයතනයක් වන...
Hiru Tv Blog
ඉදිරි වසර 10 ක කාලය තුළ කෘත්‍රිම බුද්ධිය හෙවත් AI (Artificial Intelligence) තාක්ෂණය මගින් සමස්ත...
Hiru Tv Blog
මානවරූපී රොබෝ තාක්ෂණයේ විප්ලවීය සන්ධිස්ථානයක් සලකුණු කරමින් ජැමෙයිකානු කෙටි...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top