"ඒ මිනිස්සුන්ගෙ මූණට හිනාවක් දුන්නු උඹයි දැන් ඕකුන්ට වැරදි ඉතිං ආයෙත් නැගිටපන් ලොකු අයියේ" ඔහුට බනින මිනිස්සුන්ට, සුදීක්ෂා මුහුණුපොතට සැර සටහනක් එක්කරයි..
Saturday, 06 June 2026 - 9:25 | Views - 70
මේ දවස්වල හැමෝම කතාවෙන සිද්ධියක් තමයි හොරණ - බටගොඩ සෙනෙහසේ කැදැල්ල මව්පිය සෙවණ වැඩිහිටි නිවාසයේ ඇති වූ ගින්න.

මේ නිසා ජීවිත කිහිපයක්ම අවාසනාවන්ත ලෙස සමුගත් අතර, සිද්ධිය ගැන මේ වෙද්දී බොහෝ දෙනා බොහෝ මත පළකරනවා. එවන් පසුබිමක මේ මහා විනාශයට සහ නොසලකා හැරීම්වලට අදාළව, අදාළ වැඩිහිටි නිවාසයේ අධ්‍යක්ෂවරයාව වහාම ක්‍රියාත්මක වන පරිදි පොලීසිය විසින් අත්අඩංගුවට ගත්තා.

ඔහුව හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන ජුනි මස 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට (රිමාන්ඩ්) හොරණ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

ගින්න හටගන්නා අවස්ථාවේදී මේ අසරණ වැඩිහිටි නිවාසයේ වයෝවෘද්ධ මව්වරුන් 37 දෙනෙකු සහ පියවරුන් 35 දෙනෙකු ඇතුළුව මුළු වැඩිහිටියන් 72 කු රැඳී සිට ඇති අතර මේ කතා නිසා සමාජමාධ්‍ය තුළ බොහෝ දෙනා තම මතකය ප්‍රකාශකරන අයුරු දැකගැනීමට හැකි වුණා. සුදීක්ෂා සමාධි, ලංකාවම ආදරය කරන දක්ෂ කලාකාරිණියක් වුණු ඇය මෙන්න මේ වගේ සටහනක් ඇයගේ මුහුණුපොතට එක්කරලා තිබුණා.

"මේ අහපන් ටිකක් ,
තමන්ගෙම අම්මා තාත්තව
අඩුම ගෙදර වත් ගැටහලා හරි
බලාගන්න බැරි
සමහරක් එවුන් කියනවා
"ඇදවල්වල ගැටහලා තිබ්බ නිසයිලු එහෙම උනේ "
තවත් තැනක ඇහුනා තව එකියක් ,
තමන්ගෙම අක්කගෙ පුතා
අඩුම ගෙදර තියා වත් බලා ගන්න බැරුව
" රුපියල් තිස්පන්දහසක ජාතකේ කියනවා " ..
ලොකු අයියේ ,
දවසක් හරි ආශ්‍රය කරපු නිසා දන්නවා
ඔයා කව්ද
ඔයාගෙ හිතේ ඉන්න මනුස්සයා කව්ද කියලා
පාරවල් වල කානු වල
මැරිලා යන්න ඉදපු ජීවිත
තමන්ගෙම තැනකට ගෙනල්ලා
ඒ මිනිස්සුන්ගෙ මූණට හිනාවක් දුන්නු
උඹයි දැන්
ඕකුන්ට වැරදි
ඉතිං
ආයෙත් නැගිටපන්
ලොකු අයියේ "
Share This Article
Hiru Tv Blog
දුලාජ් ජයතිලක, වස්ති කියන බ්‍රෑන්ඩ් එකට ආදරය කරන අයට නම් ඔහු නුපුරුදු චරිතයක්...
Hiru Tv Blog
ලංකාවේ ඉන්න දක්ෂතම වගේම හැමදාමත් එක වගේ ලස්සනට ඉන්න සුපිරි නිළියක් තමයි සචිනි...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන ප්‍රතිභාවයක් හා ප්‍රේක්ෂක...
Hiru Tv Blog
වර්තමාන ලෝකයේ දක්නට ලැබෙන නව තාක්ෂණික සමාගම් අතිශ්‍රීඝයෙන් නව නිමවුම් හා අත්හදා...
Hiru Tv Blog
චීනය අභ්‍යවකාශ ක්ෂේත්‍රයේ නව වාර්තාවක් තැබීමට සූදානම් වන බව විදෙස් වාර්තා...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණය, සන්නිවේදනය, ජාතික ආරක්ෂාව, පාරිසරික සුපරීක්ෂණය...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top