ගැබිණි මව්වරුන් වෙනුවෙන් ජාතික වැඩසටහනක්.. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයීමට ලක්වූ මීළඟ දැවැන්ත පියවර මෙන්න.
Wednesday, 03 June 2026 - 9:51 | Views - 212
මෙරට අනාගත පරපුර බරපතළ සෞඛ්‍ය අවදානම්වලින් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ඉතාමත් සුවිශේෂී ජාතික වැඩපිළිවෙළක් දිවයින පුරා නිල වශයෙන් ආරම්භ කර තිබෙනවා.

මවගෙන් දරුවාට මානව ප්‍රතිශක්ති ඌනතා වෛරසය (HIV), උපදංශය (Syphilis) හා හෙපටයිටිස් - බී (Hepatitis B) වෛරසය සම්ප්‍රේෂණය වීම මුළුමනින්ම වැළැක්වීම සඳහා වන "ත්‍රිත්ව තුරන් කිරීමේ" (Triple Elimination) ජාතික වැඩසටහන ඉකුත් 01 දා සිට දිවයිනේ සියලුම මාතෘ සායනවලදී මෙලෙස ආරම්භ කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරන පරිදි, අද සිට ඉදිරියට දිවයිනේ ඕනෑම රජයේ මාතෘ සායනයකට පැමිණ අලුතින් ලියාපදිංචි වන සියලුම ගැබිණි මව්වරුන්ගේ රුධිරය, විශේෂ පරීක්ෂාවකට ලක් කිරීමට කටයුතු යොදා තිබෙනවා.

මෙහි ප්‍රධානතම අරමුණ වන්නේ මවගේ සිරුර තුළ හෙපටයිටිස් - බී වෛරසය තිබේදැයි කලින්ම හඳුනාගෙන, දරුවා ඉපදීමට පෙරම අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමයි.

මේ වන විටත් දිවයින පුරා පිහිටි සායන මට්ටමින් මේ සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කර තිබෙනවා.

මවගෙන් දරුවාට HIV හා උපදංශ රෝගය බෝවීම වැළැක්වීම සඳහා රුධිරය පරීක්ෂා කිරීමේ "ද්විත්ව තුරන් කිරීමේ" (Dual Elimination) වැඩසටහන කලක සිට ශ්‍රී ලංකාව තුළ ඉතාමත් සාර්ථකව ක්‍රියාත්මක වුණා.

එම විශිෂ්ට සාර්ථකත්වය අගය කරමින්, මවගෙන් දරුවාට HIV හා උපදංශය සම්ප්‍රේෂණය වීම සම්පූර්ණයෙන්ම වැළැක්වූ ආදර්ශමත් රටක් ලෙස වසර 2019 දී ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් ශ්‍රී ලංකාවට නිල සහතිකය පිරිනමා තිබුණා.

එතැන් පටන් අඛණ්ඩවම මෙම ප්‍රශංසනීය තත්ත්වය පවත්වාගෙන යාමට ශ්‍රී ලංකාව සමත්ව සිටිනවා.

එම සාර්ථක පියවරෙහි මීළඟ අදියර ලෙසයි හෙපටයිටිස් - බී වෛරසය ද ඇතුළත් කරමින් මෙම "ත්‍රිත්ව තුරන් කිරීමේ" වැඩපිළිවෙළ අද සිට රට පුරා නිල වශයෙන් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගත්තා.
Share This Article
Hiru Tv Blog
දත් මැදීමෙන් පමණක් මුඛයේ සෞඛ්‍යය සම්පූර්ණයෙන්ම...
Hiru Tv Blog
මෙරට උපතේ සිට අවුරුදු 19 දක්වා වන වයස් කාණ්ඩවල...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රයේ සිටින දක්ෂතම මෙන්ම සුරූපීම රංගන ශිල්පිනියක් ලෙස...
Hiru Tv Blog
කලා ලෝකයේ ඉන්න අතිශය ජනප්‍රිය වගේම ආදරණීය යුවලක් තමයි රුවන් හෙට්ටිආරච්චි සහ...
Hiru Tv Blog
මේ කියන්න යන්නේ ඔයාලා හැමෝම ගොඩක් ආදරය කරන අපේ පුංචි තිරයේ වගේම කලා ක්ෂේත්‍රයේ...
Hiru Tv Blog
කෘතිම බුද්ධිය (AI) සහ රොබෝ තාක්ෂණය වේගයෙන් වර්ධනය වීම හමුවේ මිනිස් රැකියා සුරක්ෂිතභාවය...
Hiru Tv Blog
ගොඩබිම මෙන්ම මුහුදේ ද එකවර ධාවනය කළ හැකි උසස් තාක්ෂණයෙන් යුත් උභයජීවී (Amphibious) යාත්‍රාවක්...
Hiru Tv Blog
ඉන්දියාවේ අභ්‍යවකාශ තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ස්ටාර්ට්අප් ආයතනයක් වන...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top