වනාතවිල්ලුව රජයේ ඉඩමේදී සිදුවූ මහා ඛේදවාචකය.. අනවසරයෙන් කජු කැඩීමට ගිය පුද්ගලයෙකුට මුරකරුවන් කළ දේ මෙන්න.
පුත්තලම, වනාතවිල්ලුව ප්‍රදේශයෙන් අද (09) දිනයේදී අතිශය කම්පනසහගත සහ බිහිසුණු වෙඩි තැබීමේ පුවතක් වාර්තා වී තිබෙනවා.
රජයට අයත් රක්ෂිත ඉඩමකට කිසියම් පිරිසක් අනවසරයෙන් ඇතුළු වීමත් සමඟ, එහි රාජකාරියේ සිටි ආරක්ෂක පිරිස් විසින් එල්ල කළ හදිසි තුවක්කු ප්‍රහාරයක් හේතුවෙන් එක් පුද්ගලයෙකු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය සඳහන් කළා.
පොලිස් මූලික විමර්ශනවලට අනුව, වනාතවිල්ලුව කළ්අඩිය ප්‍රදේශයේ පිහිටි රජයේ විශාල කජු වගා බිමකට සේරක්කුලිය ප්‍රදේශයේ සිට පැමිණි පිරිසක් අනවසරයෙන් ඇතුළු වී තිබෙනවා.
ඔවුන් එහි තිබූ කජු කැඩීමට උත්සාහ කර ඇති අතර, එම අවස්ථාවේදී ඉඩම භාරව සිටි මුරකරුවන් පිරිසක් මොවුන් වට කර ක්ෂණිකව වෙඩි තැබීමක් සිදු කර තිබෙනවා.
මුරකරුවන් එල්ල කළ බිහිසුණු වෙඩි ප්‍රහාරය හේතුවෙන් 36 හැවිරිදි වියේ පසුවූ, සේරක්කුලිය ප්‍රදේශයේ පදිංචි දෙදරු පියෙකු එම ස්ථානයේදීම මියගොස් තිබෙනවා.
සිද්ධිය සැලවීමත් සමඟ වහාම ක්‍රියාත්මක වූ වනාතවිල්ලුව පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් වෙඩි තැබීම සිදුකළ ප්‍රධාන මුරකරු ඇතුළු සැකකරුවන් 6 දෙනෙකු මේ වන විට සූක්ෂ්ම ලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.