මහරගම විද්‍යාපීඨයම කඳුළින් තෙත් කළ හදිසි සමුගැනීමක්.. මියගිය සිසුවිය වෙනුවෙන් මිතුරියක් මුහුණුපොතේ තැබූ සංවේදී සටහන මෙන්න.
Tuesday, 09 June 2026 - 15:55 | Views - 96
ඇයගේ මේ නික්මයාම ඇත්තෙන්ම බොහෝ දෙනාගේ හදවත් සංවේගී කරන්නට සමත් පුවතක් වුණා.

මේ ඇසෙන්නේ අන්න ඒ ගැන විශේෂ කතාවක්. ඇය නමින් පුබුදිකා හංසානි. ඇය මහරගම ජාතික අධ්‍යාපන විද්‍යපීඨයේ සීමාවසි ගුරු පුහුණුව ලබමින් සිටි තරුණියක්.

ජීවිතය ගැන දහසක් බලාපොරොත්තු තබාගෙන ඇය ඒ ගුරු සිහිනය ජයගන්න පෙනෙන මානයට ආවත් දෛවය නොසිතූ ලෙස ඇයට හරස් වෙනවා.

හදිසියේ ඇතිවූ රෝගී තත්වයක් හේතුවෙන් අසනීපයට පත්වුණු ඇය නොසිතූ මොහොතක ජීවිතයෙන් මෙලෙස සමුගනීවි කියා කිසිවෙකුත් හිතන්නට නැතුව ඇති.

ඔවුන්ගේ සෝසුසුම් මැද අද පුබුදිකා සියල්ලන් හඬවා අවසන් නින්දට වැටී අවසානයි.

කොහොම වුණත් නික්ම ගිය හොඳම මිතුරිය වෙනුවෙන් මෙන්න මේ වගේ සංවේදී සටහනක් ඇයගේ මිතුරියක් විසින් මුහුණුපොතට එක්කරලා තිබුනේ මෙන්න මෙහෙමයි..

"ගුරු පුහුණුව නිමා වෙන්නට සිව්මසකි තව ඇත්තෙ.....
වසර ගණනක් වෙහෙස වූයේ සැබෑ කරන්නට මගෙ පුංචි සිහිනය
සැබෑ කරගන්නට හිමි කමක් නොමැති ව ගියත් ඔබෙන් සමුගෙන
සිහිනයක් ම පමණක් වූවා අද මා හට,ගුරු ලෝගුවෙ සිහිනය
මහරගම මගෙ මිතුරු කැල යම් දිනෙක පළඳාවි ඒ දුඹුරු ලෝගුව
එදවස දෙව්ලොව හි ඉදන් මා.....බලා ඉන්නම් අපේ හීනයෙ සතුටු සාදය....
සියල්ල දන් දී අපෙන් සමුගෙන ගිය හංසානි ඔයාගෙ දෙනෙත් හෙටත් මේ ලෝකය දෙස බලාවී ඔයාගෙ හදවත තවත් ශරීරයක පණ ගැහේවී ඒ පිනෙන් ඔබට නිවන තව දුර නොවේවා...."


Share This Article
Hiru Tv Blog
අද දවසේ අපේ විශේෂ උපන්දින කතාබහට සම්බන්ධ වෙන්නේ, තමන්ගේ වෙනස්ම ශෛලියකින් ලාංකීය...
Hiru Tv Blog
දුලාජ් ජයතිලක, වස්ති කියන බ්‍රෑන්ඩ් එකට ආදරය කරන අයට නම් ඔහු නුපුරුදු චරිතයක්...
Hiru Tv Blog
ෆ්ලොරිඩා ප්‍රාන්තය විසින් OpenAI සමාගමට සහ එහි ප්‍රධාන විධායක නිලධාරී (CEO) සෑම්...
Hiru Tv Blog
වර්තමාන ලෝකයේ දක්නට ලැබෙන නව තාක්ෂණික සමාගම් අතිශ්‍රීඝයෙන් නව නිමවුම් හා අත්හදා...
Hiru Tv Blog
චීනය අභ්‍යවකාශ ක්ෂේත්‍රයේ නව වාර්තාවක් තැබීමට සූදානම් වන බව විදෙස් වාර්තා...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top