"මගේ පුතා සංගීත්, මගේ දුව දිනිති සම්බන්ධ කරලා වැරදි ප්‍රචාරයක් පැතිරී යනවා.." සමාජමාධ්‍යයේ පැතිර යන මඩ ප්‍රචාර ගැන සංගීත්ගේ පියා සුරංග කියූ කතාව මෙන්න..
Tuesday, 09 June 2026 - 12:54 | Views - 100
ඔවුන් දෙන්නා  අදටත් බොහොම සතුටෙන් කාලය ගත කරනවා.

තමන්ගේ එකම පුතු සංගීත් වගේම ඔහුගේ ආදණීය බිරිඳත් එක්කත් ඔවුන්ට තියෙන්නේ පුදුමාකාර ආදරණිය බැඳීමක්. 
 
කාගේත් ආදරය දිනාගත්ත මෙන්න මේ පවුල ගැන පසුගිය කාලයක අමුතු කතාවක් සමාජමාධ්‍ය තුළ පැතිරෙන්නට පටන් ගත්තා. කොහොම වුණත් ඒ කතා සියල්ල අසත්‍යක්.

සංගීත් - දිනී දෙදෙනා මේ මව්පිය යුවලට සලකන්නේ නෑ කියලා තමයි ඒ කතාව ඇසුණේ. ඒත් ඔන්න ඒ කතාවට සුරංග සහ ජෙනී යුවල මෙන්න මේ විදිහට පිළිතුරු දීලා.

කොහොම වුණත් පසුගිය දවසක 38වන විවාහ සංවස්තරයත් ඔවුන් ජයටම සමරලා තිබුණා. මෙන්න මේ විශේෂ දවස වෙනුවෙන් ඔහු ආදරණීය සටහනක් මුහුණු පොතට එක්කරන්නත් අමතක කරලා තිබුණේ නැහැ..

"අද අපේ ප්‍රීතිමත් 38 වැනි විවාහ සැමරුමයි.

ලක්ශ සන්ක්‍යාත රසිකයින් ගේ ආදරය මැද අපි අපේ දරුවන් දෙදෙනා සමගින් සාමයෙන් සතුටින් සිටින්නෙමු. ඒ රසික ආදරයට අපි දෙන්නත් ආදරෙයි.

ඒ අතර අපේ දරුපවුල යහතින් සිටිනවා දකින්නට අකමැති දෙතුන් දෙනෙක් නොසිටිනවාම නොවේ. ඔවුන් බොරු AI වීඩියෝ හදමින් මඩ ප්‍රචාර ගෙනයමින් එයින් ලැබෙන මුදලින් ඔවුන්ගේ අබුදරුවන්ගේ කුසගිනි නිවාලයි. අපට එයද සතුටකි.

පැසසුම් සහ ගැරහුම් දෙන සැමට ජයවේවා."

ඒ ඔක්කොම කතා ඇතුළේ කියවෙනවා ඔවුන් මොන තරම් සතුටෙන් සාමාන්‍ය පරිදිම ජීවත්වෙනවාද යන්න.. මෙන්න මේ කතාව වගේම ඔහු ඒ ගැන කියලා තිබුණ වීඩියෝවක් ද සමාජමාධ්‍ය වෙත එක්කර තිබුණා.. 


 


Share This Article
Hiru Tv Blog
අද දවසේ අපේ විශේෂ උපන්දින කතාබහට සම්බන්ධ වෙන්නේ, තමන්ගේ වෙනස්ම ශෛලියකින් ලාංකීය...
Hiru Tv Blog
දුලාජ් ජයතිලක, වස්ති කියන බ්‍රෑන්ඩ් එකට ආදරය කරන අයට නම් ඔහු නුපුරුදු චරිතයක්...
Hiru Tv Blog
ෆ්ලොරිඩා ප්‍රාන්තය විසින් OpenAI සමාගමට සහ එහි ප්‍රධාන විධායක නිලධාරී (CEO) සෑම්...
Hiru Tv Blog
වර්තමාන ලෝකයේ දක්නට ලැබෙන නව තාක්ෂණික සමාගම් අතිශ්‍රීඝයෙන් නව නිමවුම් හා අත්හදා...
Hiru Tv Blog
චීනය අභ්‍යවකාශ ක්ෂේත්‍රයේ නව වාර්තාවක් තැබීමට සූදානම් වන බව විදෙස් වාර්තා...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top