ඔබ සිහිනෙන් දකින සත්වයාගෙන් ඔබේ ජීවිතයට වෙන දේ බලන්න
Monday, 19 June 2017 - 14:08 | Views - 197,326

සාමාන්‍යයෙන් ඕනෑම කෙනෙක් රාත්‍රී නින්දේදී විවිධාකාර සිහින දකිනවා. ඒ අතරින් සමහර අවස්ථාවලදී ඔබට විවිධ සතුන් සිහිනෙන් පෙනෙන්නට පුළුවන්. ඒ දකින සතුන්, ඔබේ ජීවිතයේ විවිධ බලපෑම්වලට හේතු විය හැකියි. මේ ලිපියෙන් කියවෙන්නේ ඒ විදියට දකින විවිධ සතුන්ගෙන් ඔබේ ජීවිතයට කියවෙන රහස් පිළිබඳවයි.
සිහිනෙන් ඔබ,
කළු නයෙක් දුටුවොත් - ඔබව ක්‍රමයෙන් අසරණ වෙයි
සුදු නයෙක් දුටුවොත් - ඔබට විශාල ධන ලාභ හා වාසි උරුම වෙයි
පිඹුරෙක් දුටුවොත් - ඔබේ සතුටක අවසානය දුකක් බවට පත්වෙයි
ලේ මාපිලෙක් දුටුවොත් - ඔබට මානසික රෝග ඇති කරයි
පොළඟෙක් සිහිනෙන් දුටුවොත් - ඔබට සිත්තැවුලක් හෝ දුකක් ඇති කරයි
ගැරඬියෙක් සිහිනෙන් දුටුවොත් - පහත් ගති පැවතුම් ඇති ස්ත්‍රියෙකු හෝ පුරුෂයෙකු ඇසුරු කිරීමට සිදුවේවී
මකුණෙකු සිහිනෙන් දුටුවොත් - ඔබේ නිදන්ගත රෝගවල පෙරනිමිති පෙන්නුම් කරයි
හිසෙහි උකුණන් සිටිනවා සිහිනෙන් දුටුවොත් - අසමඟිකම් ඉස්මතුවන බවට පෙන්නුම් කරයි
මී මැස්සෙක් සිහිනෙන් දුටුවොත් - ඔබට අන් අයගෙන් ආධාර උපකාර ලැබෙයි
මී මැසි රංචුවක් සිහිනෙන් දුටුවොත් - ඔබ දියුණු වීමේ පෙර නිමිති පෙන්නුම් කරයි
මී වදයක් සිහිනෙන් දුටුවොත් - ඔබේ ආදරයෙන් උපරිම සතුට ලැබෙනවා
කකුළුවෙකු සිහිනෙන් දුටුවොත් - අමනාපකම් ඇතිවෙනවා
මාළු රෑනක් සිහිනෙන් දුටුවොත් - ඔබට සුභ ආරංචියක් ලැබෙවී
තෝරෙක් හෝ මෝරෙක් සිහිනෙන් දුටුවොත් - ඔබට සතුරු කරදර ඇතිවේවී
ආඳෙකු සිහිනෙන් දුටුවොත් - ඔබට සුභ අසුභ මිශ්‍ර ඵල ලැබේවී
කටුස්සෙක් සිහිනෙන් දුටුවොත් - ඔබේ දියුණුව ඇණ හිටියි
මකුළුවෙක් සිහිනෙන් දුටුවොත් - ඔබේ ජීවිතයට අනතුරක්
ගෙම්බෙක් සිහිනෙන් දුටුවොත් - ඔබේ ජීවිතයට හදිසි අනතුරක්
බඹරෙක් සිහිනෙන් දුටුවොත් - පහත් අයගෙන් ඔබට චෝදනා එල්ලවේවී
දෙබරෙකු සිහිනෙන් දුටුවොත් - ඔබ නොකළ වරදකට අපහාස විදින්නට සිදුවේවී
මැස්සෙක් සිහිනෙන් දුටුවොත් - චිත්ත පීඩා
පළඟැටියෙක් සිහිනෙන් දුටුවොත් - ඔබේ යහළු මිත්‍රකම් වලට බලපෑමක්
කුහුඹුවෙක් සිහිනෙන් දුටුවොත් - ඔබ සමාජශීලි වේවී
කළු කුහුඹුවෙක් සිහිනෙන් දුටුවොත් - ඔබ නඩුහබවලට පැටලී සිටිනම් ඒවායෙන් ජය ලැබේවී
දළඹුවෙක් සිහිනෙන් දුටුවොත් - ඔබේ වටිනාදෙයක් නැතිවේවී
රිලවෙකු සිහිනෙන් දුටුවොත් - ඔබ රෝග උපද්‍රව හා රැවටිලිවලට හසුවේවී
වඳුරෙකු සිහිනෙන් දුටුවොත් - ඔබේ උගත් හිතවෙතුකගෙන් සතුරුකම් සිදුවේවී
මීයෙක් සිහිනෙන් දුටුවොත් - ඔබේ මිත්‍රයෙක් යටි උගුලක් අටවයි
ගැඩවිලෙක් සිහිනෙන් දුටුවොත් - ඔබේ පවුලේ අමනාපකම් ඇතිවෙයි
පටපනුවෙක් සිහිනෙන් දුටුවොත් - ඔබ ගෞරව සම්මානයට පාත්‍රවෙයි
තලගොයා සිහිනෙන් දුටුවොත් - පහත් අයගෙන් පහත් ගැරහුම් ලැබෙයි
වල් ඌරෙක් සිහිනෙන් දුටුවොත් - පහත් අය විශ්වාස කොට ඔබ කරදරයට පත්වෙයි
ඔටුවෙක් සිහිනෙන් දුටුවොත් - ඉදිරියේදී ඔබට විවිධ අඟහිඟකම් මතුවෙයි
බැටළුවෙක් සිහිනෙන් දුටුවොත් - ඉදිරියේදී ඔබේ සාර්ථක්තවය පෙන්නුම් කරයි
ගවයෙක් සිහිනෙන් දුටුවොත් - ඔබට උත්සහයකින් තොරව ජය ලැබීමක් පෙන්නුම් කරයි
කළු ගවයෙක් සිහිනෙන් දුටුවොත් - ඔබේ පවුලේ හා පිටස්තට පවුල් අතර ආරවුල් පෙන්නුම් කරයි
කුළු හරකෙක් සිහිනෙන් දුටුවොත් - සතුරු කරදරයක්
එළඳෙනක් සිහිනෙන් දුටුවොත් - ඔබේ අනාගත දියුණුවට අඩිතාලමක් වැටෙනවා
ලෙඩ වු එළඳෙනක් සිහිනෙන් දුටුවොත් - ඔබ කරන වැඩ අවුල් වෙනවා
සුදු අශ්වයෙක් සිහිනෙන් දුටුවොත් - ඔබට විශාල ලාභ හිමිවේවී
වෙනත් පැහැ අශ්වයෙක් සිහිනෙන් දුටුවොත් - ඔබට අසුභ ලකුණක්
එළුවෙකු සිහිනෙන් දුටුවොත් - ඔබේ කරදරවලින් පසු සහනයක්
බල්ලෙක් සිහිනෙන් දුටුවොත් - ඔබ කරන වැඩ අසාර්ථක වෙයි
බුරන බල්ලෙක් සිහිනෙන් දුටුවොත් - ඔබට ප්‍රභු උදව් උපකාර ලැබෙයි
බල්ලෙක් සපා කනවා සිහිනෙන් දුටුවොත් - ඔබේ හිතවතෙක් ඔබට විරුද්ධ වෙයි
බල්ලෙක් සමඟ ඇවිදිනවා සිහිනෙන් දුටුවොත් - ඔබට හොඳ මිතුරෙකු හමුවේවී
සිංහයෙක් සිහිනෙන් දුටුවොත් - ඔබට ගෞරව සම්මාන ලැබෙයි
ඇතෙක් සිහිනෙන් දුටුවොත් - ඔබේ බලාපොරොත්තු ඉටුවෙයි
කොටියෙක් සිහිනෙන් දුටුවොත් - ඔබට සතුරු උවදුරු
බළලා සිහිනෙන් දුටුවොත් - ඔබේ මිතුරෙකුගෙන් කරදර ඇතිවෙයි
වෘකයෙකු සිහිනෙන් දුටුවොත් - පවුලේ අසමඟිය ඇතිවෙයි
නරියෙක් සිහිනෙන් දුටුවොත් - බලාපොරොත්තුවන තරම් යහපත් ප්‍රතිපල නොලැබෙයි
ඉත්තෑවෙක් සිහිනෙන් දුටුවොත් - ධන හානි
වලහෙක් සිහිනෙන් දුටුවොත් - මිතුරෙක් අමනාප වෙයි
මුවෙක් සිහිනෙන් දුටුවොත් - කිසිවෙකු ඔබට උගුලක් අටවමින් සිටියි
මොණරා සිහිනෙන් දුටුවොත් - ඔබේ පවුලේ සැමට නීරෝගි සුව
සැළලිහිණියෙක් සිහිනෙන් දුටුවොත් - ඔබට දේව අශිර්වාදය ලැබෙයි
කුකුලෙක් සිහිනෙන් දුටුවොත් - දුරස්වු ඥාතීන් ලංවෙයි
කිකිලියෙක් සිහිනෙන් දුටුවොත් - සතුට හා විනෝදය ලැබෙයි
කිකිලියෙක් හා පැටව් සිහිනෙන් දුටුවොත් - ඔබව බොරු චෝදනාවකට හසුවෙයි
වලි කුකුලෙක් සිහිනෙන් දුටුවොත් - ඔබට හදිසි ධන ලාභ
ගිරවෙකු සිහිනෙන් දුටුවොත් - ඔබේ මිතුරෙකු අමනාප වෙයි
මයිනෙක් සිහිනෙන් දුටුවොත් - ඔබේ සම්පත් විනාශ වෙයි
කපුටෙක් සිහිනෙන් දුටුවොත් - ඔබට ශෝකදායී පණිවිඩයක් අසන්නට ලැබෙයි
සුදු හංසයෙක් සිහිනෙන් දුටුවොත් - ඔබේ ආර්ථිකය සවිමත් වෙයි, සොර සතුරු උවදුරු පැමිණේ
කළු හංසයෙක් සිහිනෙන් දුටුවොත් - ඔබේ පවුලේ අවුල් ඇති කරයි
වවුලෙක් සිහිනෙන් දුටුවොත් - නොසිතු ආදරයක් ඔබට ගෙනදෙයි
පරවියෙක් සිහිනෙන් දුටුවොත් - ඔබේ පරණ පෙම් සබඳතාවක් නැවත අලුත් වෙයි
තාරවෙක් සිහිනෙන් දුටුවොත් - ඔබේ වැරදි සම්බන්ධවලින් කරදර ඇති කරයි
- උපුටා ගැනීම අන්තර්ජාලයෙන් -
Share This Article