අලුත්ගමදී සිදුවූ ඇස් අදහා ගත නොහැකි සිදුවීම.. නීතියේ රැහැනට හසුවූ ඔවුන් ගැන ඇසෙන කතාව මෙන්න.
Friday, 29 May 2026 - 10:39 | Views - 72
අලුත්ගම, මොරගල්ල ප්‍රදේශයේදී පුද්ගලයකුට කඩුවකින් පහර දී බරපතළ තුවාල සිදු කර, ඔහුගේ ත්‍රිරෝද රථයට ද ගිනි තබා විනාශ කිරීමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අලුත්ගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් නිල නිවේදනවලට අනුව, දෙපාර්ශවය අතර කලක පටන් පැවති පැරණි කෝන්තරයක් මත ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් මෙම ප්‍රචණ්ඩකාරී ක්‍රියාව සිදු කර ඇති බව අනාවරණය වුණා.

මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ මොරගල්ල හා බලපිටිය යන ප්‍රදේශවල පදිංචි සැකකරුවන් දෙදෙනෙක්.

කඩුවෙන් කෙටීම හේතුවෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයා මේ වනවිට ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර සිටිනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් ඉදිරි නීතිමය කටයුතු සඳහා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

අලුත්ගම පොලිස් ස්ථානාධිපතිවරයාගේ සෘජු උපදෙස් මත එහි අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වමින් සිටිනවා.
Share This Article
Hiru Tv Blog
නිරෝගී ජීවිතයක් ගත කිරීම සඳහා පැය ගණනාවක්...
Hiru Tv Blog
දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ ලංකාවේ අපි කවුරුත් ආදරය කරන ආදරණීය රංගන ශිල්පිනියක්...
Hiru Tv Blog
ඇය මේ තරම් දුර ගෙවා ආවේ දුශ්කර ගමන් මාර්ගයක්.. ඒත් ඇය ඒ හැම දෙයක්ම සතුටෙන් බාර...
Hiru Tv Blog
ඇය නම් සරාගයෙන් දෑස් පිනවන තැනැත්තියක් කියන්න එක මේ ඡායාරූප පෙළ දුටු ගමන් නැවත...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණය, සන්නිවේදනය, ජාතික ආරක්ෂාව, පාරිසරික සුපරීක්ෂණය...
Hiru Tv Blog
ඔබ iPhone එකක් භාවිත කරන්නෙකු නම්, මීට වසර 9කට පමණ පෙර iPhone X මාදිලිය සමඟ ඇපල් සමාගම හඳුන්වා...
Hiru Tv Blog
තායිලන්තයෙන් හමුවූ පැරණි පොසිල කොටස් කිහිපයක් ඇසුරින්, වසර මිලියන ගණනකට පෙර...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top