දිනපතා ව්‍යායාම කර ඔබේ ජීවිත කාලය දිගු කරගන්න.. සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට සරල උපදෙස්..
Friday, 29 May 2026 - 12:25 | Views - 91
නිරෝගී ජීවිතයක් ගත කිරීම සඳහා පැය ගණනාවක් තිස්සේ දැඩි ව්‍යායාමවල නිරත විය යුතු බව බොහෝ දෙනෙකු සිතනවා.

දෛනික ජීවිතයේ ශාරීරික ක්‍රියාකාරකම්වල නිරත වන කාලය මදක් වැඩි කිරීමෙන් වුවද ශරීරයට, මොළයට මෙන්ම මතකයට විශාල ප්‍රතිලාභ ලබාගත හැකි බව නවතම වෛද්‍ය පර්යේෂණවලින් පැහැදිලි වී තිබෙනවා.

එක්සත් රාජධානිය, ඇමෙරිකාව හා ස්කැන්ඩිනේවියානු රටවල පුද්ගලයන් 150,000ක් ඇතුළත් කර ගනිමින් සිදු කළ මහා පරිමාණ දත්ත විශ්ලේෂණයකට අනුව, දිනකට මිනිත්තු පහක් පමණක් වේගයෙන් ඇවිදීම, සයිකල් පැදීම හෝ පඩිපෙළක් නැගීම වැනි මධ්‍යස්ථ ශාරීරික ක්‍රියාකාරකම්වල නිරත වීමෙන් අකල් මරණ සිදුවීම (Premature Mortality) දහයෙන් එකක් පමණ අඩු කර ගත හැකි බව සොයාගෙන තිබෙනවා.

මෙමඟින් මිලියන සංඛ්‍යාත ජනතාවකට දිගු කාලයක් සෞඛ්‍ය සම්පන්නව ජීවත් වීමට අවස්ථාව හිමි වනවා. එමෙන්ම, දිනපතා වාඩි වී සිටින කාලය මිනිත්තු 30කින් අඩු කිරීමෙන් ද අකල් මරණ අවදානම 7%කින් අඩු කර ගත හැකි බව මෙම අධ්‍යයනයෙන් තහවුරු වී තිබෙනවා.

දැනට ලෝකයේ වඩාත්ම ජනප්‍රිය වෙමින් පවතින ව්‍යායාම ක්‍රමයක් වන්නේ "Exercise Snacking" හෙවත් කෙටි කාලීන ව්‍යායාමයි.

මෙහිදී ජිම් එකකට ගොස් දිගු වේලාවක් ගත කරනවා වෙනුවට, දෛනික සාමාන්‍ය වැඩකටයුතු අතරතුර හෘදස්පන්දන වේගය වැඩි කරන ක්‍රියාකාරකම්වල නිරත වීම සිදු කරනු ලබනවා.

උදාහරණයක් ලෙස, තරමක් වේගයෙන් නිවස පිරිසිදු කිරීම, මුළුතැන්ගෙයි වැඩ කරන අතරතුර සිංදුවකට නැටීම හෝ පඩිපෙළ ඉහළ පහළ යාම මීට ඇතුළත් වනවා.

මෙවැනි කෙටි ව්‍යායාම කොටස්වල නිරත වීමෙන් ශරීරයේ ආහාර ශක්තිය බවට පත් කරන ක්‍රියාවලිය (Metabolism) වේගවත් වන බව විශේෂඥයින් පෙන්වා දුන්නා.

ව්‍යායාමය නතර කළ පසුවද ශරීරයේ මෙටබොලික් 'යන්ත්‍රය' වැඩිපුර ක්‍රියා කරමින් පවතින නිසා එය සෞඛ්‍යයට බෙහෙවින් හිතකර වනවා.

ඒ හේතුවෙන් ලිෆ්ට් එක වෙනුවට පඩිපෙළ භාවිත කිරීම හා වාහනය ගමන් කරන ස්ථානයට වඩා මදක් ඈතින් නතර කර ඇවිදීම වැනි පුරුදු ඇති කර ගන්නා ලෙස සෞඛ්‍ය අංශ මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මූලාශ්‍රය : බීබීසී
Share This Article
Hiru Tv Blog
නිරෝගී ජීවිතයක් ගත කිරීම සඳහා පැය ගණනාවක්...
Hiru Tv Blog
දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ ලංකාවේ අපි කවුරුත් ආදරය කරන ආදරණීය රංගන ශිල්පිනියක්...
Hiru Tv Blog
ඇය මේ තරම් දුර ගෙවා ආවේ දුශ්කර ගමන් මාර්ගයක්.. ඒත් ඇය ඒ හැම දෙයක්ම සතුටෙන් බාර...
Hiru Tv Blog
ඇය නම් සරාගයෙන් දෑස් පිනවන තැනැත්තියක් කියන්න එක මේ ඡායාරූප පෙළ දුටු ගමන් නැවත...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණය, සන්නිවේදනය, ජාතික ආරක්ෂාව, පාරිසරික සුපරීක්ෂණය...
Hiru Tv Blog
ඔබ iPhone එකක් භාවිත කරන්නෙකු නම්, මීට වසර 9කට පමණ පෙර iPhone X මාදිලිය සමඟ ඇපල් සමාගම හඳුන්වා...
Hiru Tv Blog
තායිලන්තයෙන් හමුවූ පැරණි පොසිල කොටස් කිහිපයක් ඇසුරින්, වසර මිලියන ගණනකට පෙර...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top