ලැගුම්හලේ ඛේදවාචකයේ සුලමුල හෙළි වෙයි. මඩකලපුවෙන් ඇසුණු හදවත සලිත කරන පුවතක් මෙන්න.
Friday, 29 May 2026 - 14:15 | Views - 73
මඩකලපුව නගරයේ ලැගුම්හලක ඇති වූ ගින්නකින් දුමාරය ආශ්වාස වී කුඩා දරුවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වීමේ අවාසනාවන්ත සිද්ධිය සම්බන්ධයෙන් අලුත්ම තොරතුරු රැසක් අනාවරණය වී තිබෙනවා.

මෙම සිද්ධියට සෘජුවම වගකිව යුතු මියගිය දරුවන්ගේ පියා වහාම අත්අඩංගුවට ගැනීමට මඩකලපුව පොලිසිය කටයුතු කර තිබෙනවා. මඩකලපුව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු මේ බව තහවුරු කළා.

මවට වැළඳී ඇති පිළිකා රෝගයට ප්‍රතිකාර ලබාගැනීමට පැමිණි අවස්ථාවක මෙම ඛේදවාචකය සිදුවූ බව මීට පෙර වාර්තා වුණා.

සැකකාර පියා විසින් ව්‍යාජ තොරතුරු පවසමින්, දරුවන් ලවා මහා පරිමාණයෙන් සිඟමන් යැදීමේ ජාවාරමක නිරත වී ඇති බව පොලිස් පරීක්ෂණවලදී හෙළිවී තිබෙනවා.

ඔහුගේ බිරිඳට පිළිකාවක් වැළඳී ඇති බව පැවසූ කරුණ සම්පූර්ණයෙන්ම අසත්‍යයක් වන අතර, ඇය මේ වන විට මාතර පිහිටි සිය නිවසේ පසුවන බව ද මූලික පරීක්ෂණවලදී හෙළිවී තිබෙනවා.

සිද්ධියෙන් පසුව සැකකරුගේ අනන්‍යතාව පරීක්ෂා කිරීමේදී ඔහු වෙනත් අයෙකුගේ අස්ථානගත වූ හැඳුනුම්පතක් භාවිතා කර ඇති බව අනාවරණය වුණා. එම හැඳුනුම්පතේ සැබෑ හිමිකරු බදුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, ඔහු මේ වනවිට කඩවත ප්‍රදේශයේ පදිංචිව සිටිනවා.

අත්අඩංගුවට ගත් අකුරැස්ස ප්‍රදේශයේ පදිංචි මෙම සැකකරු, අදාළ හොර හැඳුනුම්පත පෙන්වමින් ස්ථාන කිහිපයකදීම දරුවන් ලවා සිඟමන් යැදවීමට කටයුතු කර තිබෙනවා.

මීට අමතරව, මොහුට එරෙහිව අතුරුගිරිය, සපුගස්කන්ද, අනුරාධපුරය හා කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයක පොලිස් ස්ථානවල පැමිණිලි පවතින බවත්, ඔහුට එරෙහිව අධිකරණයෙන් වරෙන්තුවක් ද නිකුත් කර ඇති බවත් පොලිසිය වැඩිදුරටත් අනාවරණය කළා.
Share This Article
Hiru Tv Blog
නිරෝගී ජීවිතයක් ගත කිරීම සඳහා පැය ගණනාවක්...
Hiru Tv Blog
දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ ලංකාවේ අපි කවුරුත් ආදරය කරන ආදරණීය රංගන ශිල්පිනියක්...
Hiru Tv Blog
ඇය මේ තරම් දුර ගෙවා ආවේ දුශ්කර ගමන් මාර්ගයක්.. ඒත් ඇය ඒ හැම දෙයක්ම සතුටෙන් බාර...
Hiru Tv Blog
ඇය නම් සරාගයෙන් දෑස් පිනවන තැනැත්තියක් කියන්න එක මේ ඡායාරූප පෙළ දුටු ගමන් නැවත...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණය, සන්නිවේදනය, ජාතික ආරක්ෂාව, පාරිසරික සුපරීක්ෂණය...
Hiru Tv Blog
ඔබ iPhone එකක් භාවිත කරන්නෙකු නම්, මීට වසර 9කට පමණ පෙර iPhone X මාදිලිය සමඟ ඇපල් සමාගම හඳුන්වා...
Hiru Tv Blog
තායිලන්තයෙන් හමුවූ පැරණි පොසිල කොටස් කිහිපයක් ඇසුරින්, වසර මිලියන ගණනකට පෙර...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top