මෙනින්ජිටිස් ව්‍යාප්තිය පාලනයට වසංගත රෝග විද්‍යායතනයෙන් උපදෙස් මාලාවක්.. දරුවන් ගැන අවධානයෙන් සිටින්න.
Wednesday, 27 May 2026 - 10:37 | Views - 217
දිවයිනේ විවිධ ප්‍රදේශවල පාසල් හා ප්‍රජා මූලික පරිශ්‍ර ආශ්‍රිතව මෙනින්ජිටිස් (Enteroviral Meningitis) රෝගී තත්ත්වය ව්‍යාප්ත වෙමින් පවතින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

ඒ අනුව, මෙම රෝගී තත්ත්වයේ ව්‍යාප්තිය පාලනය, වැළැක්වීම හා ඊට ප්‍රතිචාර දැක්වීම සඳහා වසංගත රෝග විද්‍යා ඒකකය විසින් සියලුම සෞඛ්‍ය අංශ හා ආයතන වෙත විශේෂ උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා.

මෙම වෛරස් රෝගය ප්‍රධාන වශයෙන්ම පාසල් දරුවන් අතර සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන බව වසංගත රෝග විද්‍යා අංශය පෙන්වා දුන්නා.

උණ, හිසරදය හා වමනය මෙහි ප්‍රධාන රෝග ලක්ෂණ වන අතර, සාමාන්‍යයෙන් මෙනින්ජිටිස් රෝගී තත්ත්වයන් දින 7 ක් ඇතුළත සුව අතට පත්වන බවද එම අංශය අවධාරණය කළා.

වෛරසයට නිරාවරණය වී දින 3 සිට 7 දක්වා කාලය තුළ රෝග ලක්ෂණ මතුවන බවයි ඔවුන් සඳහන් කරන්නේ.

පිරිසිදු නොවන ජලය, ආහාර සහ දෑත් නිසි ලෙස පිරිසිදු නොකිරීම මගින් (මල-මුඛ මාර්ගයෙන්) මෙම රෝගය බෝ විය හැකි අතර අමතරව, රෝගියෙකු කැස්ස හෝ කිවිසීමේදී පිටවන බිඳිති (Droplets) මගින් හා සමීප ඇසුරෙන් ශ්වසන පද්ධතිය හරහා ද වෛරසය ශරීරගත විය හැකි බව එහි සඳහන් කර තිබෙනවා.

රෝගයෙන් ආරක්ෂ වීම සඳහා සබන් හා ජලය යොදා දෑත් හොඳින් සේදීම, කැස්ස හෝ කිවිසීමේදී මුඛය හා නාසය වැසීම, රෝග ලක්ෂණ ඇති අය සමඟ සමීප සබඳතා පැවැත්වීමෙන් වැළකීම හා නිවෙස් තුළ හොඳින් වාතාශ්‍රය ලැබීමට සැලැස්වීම වැනි සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන ලෙස වසංගත රෝග විද්‍යා අංශය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

Share This Article
Hiru Tv Blog
දත් මැදීමෙන් පමණක් මුඛයේ සෞඛ්‍යය සම්පූර්ණයෙන්ම...
Hiru Tv Blog
මෙරට උපතේ සිට අවුරුදු 19 දක්වා වන වයස් කාණ්ඩවල...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රයේ සිටින දක්ෂතම මෙන්ම සුරූපීම රංගන ශිල්පිනියක් ලෙස...
Hiru Tv Blog
කලා ලෝකයේ ඉන්න අතිශය ජනප්‍රිය වගේම ආදරණීය යුවලක් තමයි රුවන් හෙට්ටිආරච්චි සහ...
Hiru Tv Blog
මේ කියන්න යන්නේ ඔයාලා හැමෝම ගොඩක් ආදරය කරන අපේ පුංචි තිරයේ වගේම කලා ක්ෂේත්‍රයේ...
Hiru Tv Blog
කෘතිම බුද්ධිය (AI) සහ රොබෝ තාක්ෂණය වේගයෙන් වර්ධනය වීම හමුවේ මිනිස් රැකියා සුරක්ෂිතභාවය...
Hiru Tv Blog
ගොඩබිම මෙන්ම මුහුදේ ද එකවර ධාවනය කළ හැකි උසස් තාක්ෂණයෙන් යුත් උභයජීවී (Amphibious) යාත්‍රාවක්...
Hiru Tv Blog
ඉන්දියාවේ අභ්‍යවකාශ තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ස්ටාර්ට්අප් ආයතනයක් වන...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top