වෙසක් දන්සැල් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් විශේෂ මාර්ගෝපදේශ මාලාවක්.. MOH හා PHI ලියාපදිංචිය අනිවාර්යයි..
Friday, 29 May 2026 - 13:40 | Views - 68
උදාවීමට නියමිත වෙසක් හා පොසොන් පොහොය නිමිත්තෙන් දිවයින පුරා පවත්වනු ලබන දන්සැල්වල ආහාර සුරක්ෂිතතාව හා සෞඛ්‍යාරක්ෂිත බව තහවුරු කිරීම වෙනුවෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් විශේෂ මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබෙනවා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධනගේ අත්සනින් යුතුව සියලුම පළාත් හා ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්, ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ අධ්‍යක්ෂවරයා හා සියලුම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් වෙත මෙම උපදෙස් මාලාව යොමු කර ඇති බව එම නිවේදනයේ සඳහන් වෙනවා.

මෙම නිවේදනයට අනුව, සියලුම දන්සැල් මහජන සෞඛ්‍ය පරීක්ෂක (PHI) කොට්ඨාස මට්ටමින් අදාළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී (MOH) කාර්යාලයේ අනිවාර්යයෙන්ම ලියාපදිංචි කළ යුතු වනවා.

එහිදී දන්සැල පවත්වන ස්ථානය, සංවිධායකයන්ගේ නම, ලිපිනය හා දුරකථන අංක වැනි මූලික තොරතුරු ඇතුළත් කිරීම අනිවාර්ය කර තිබෙනවා.

එමෙන්ම, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් දන්සැල් පරීක්ෂා කිරීමේදී, 2011 ආහාර (ස්ථානීය රෙගුලාසි) වලට අනුකූලව කටයුතු කරන බවට වගබලා ගත යුතු බවද එහි සඳහන්.

දන්සැල් ආරම්භ කිරීමට ප්‍රථම හා දන්සැල පවතින අතරතුරදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් එම ස්ථාන අඛණ්ඩව පරීක්ෂා කිරීමට නියමිත අතර, දන්සැල ආරම්භයේ සිට අවසානය දක්වාම නිසි කසළ කළමනාකරණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු වනවා.

ආහාර සැකසීමට හා පරිභෝජනයට හැකි සෑම විටම ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ නල ජලය යොදාගත යුතු අතර, එසේ නොහැකි අවස්ථාවලදී ආරක්ෂිත ජල මූලාශ්‍රවලින් ජලය ලබාගැනීමට කටයුතු කළ යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙනවා.

මීට අමතරව, දන්සැල ආශ්‍රිතව ආහාර අනුභවය සිදු කරන අවස්ථාවලදී අත් සේදීම සඳහා ජල පහසුකම් හා සබන් හෝ අත් පිරිසිදුකාරක (Sanitizers) සපයා තිබීම සහතික කළ යුතුයි.

එමෙන්ම, දන්සැල්වල ආහාර පිළියෙල කිරීම සහ පාරිභෝගිකයින් වෙත බෙදා හැරීම (පරිභෝජනය) අතර කාලය පැය 04කට වඩා වැඩි නොවිය යුතු බවද සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ මාර්ගෝපදේශ මාලාවේ දැඩිව අවධාරණය කර තිබෙනවා.

Share This Article
Hiru Tv Blog
නිරෝගී ජීවිතයක් ගත කිරීම සඳහා පැය ගණනාවක්...
Hiru Tv Blog
දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ ලංකාවේ අපි කවුරුත් ආදරය කරන ආදරණීය රංගන ශිල්පිනියක්...
Hiru Tv Blog
ඇය මේ තරම් දුර ගෙවා ආවේ දුශ්කර ගමන් මාර්ගයක්.. ඒත් ඇය ඒ හැම දෙයක්ම සතුටෙන් බාර...
Hiru Tv Blog
ඇය නම් සරාගයෙන් දෑස් පිනවන තැනැත්තියක් කියන්න එක මේ ඡායාරූප පෙළ දුටු ගමන් නැවත...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණය, සන්නිවේදනය, ජාතික ආරක්ෂාව, පාරිසරික සුපරීක්ෂණය...
Hiru Tv Blog
ඔබ iPhone එකක් භාවිත කරන්නෙකු නම්, මීට වසර 9කට පමණ පෙර iPhone X මාදිලිය සමඟ ඇපල් සමාගම හඳුන්වා...
Hiru Tv Blog
තායිලන්තයෙන් හමුවූ පැරණි පොසිල කොටස් කිහිපයක් ඇසුරින්, වසර මිලියන ගණනකට පෙර...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top