නිරුවත් කාන්තාවකගේ රුවට අතිශයින් සමාන මල් විශේෂයක් වන ලියතඹරාව මායාවක්ද?
Monday, 11 February 2019 - 12:17 | Views - 5,928
තවුසන්ගේ පවා ධ්‍යානයන් බිඳීමට සමත් ”නාරිලතා පුෂ්පය” ඉන්දියාවේ හිමාල වනයේ ඇතැයි කියනු ලැබේ. කාන්තාවගේ ලාලිත්‍ය රූ සපුවකට සමාන අංග ප්‍රත්‍යයන් නාරිලතා පුෂ්පයට වේ. නාරිලතා මලක් පිපෙන්නේ වසර 20කට එක් වරක් පමණි. එය අතිශය දුර්ලභය. සිංහලයෙන් ”ලියතඹරා මල” ලෙස ද මෙය හඳුන්වයි.

මෙතෙක් මනසින් පමණක් දුටු සුන්දර නාරිලතා පුෂ්පය හදිසියේ අන්තර්ජාල සමාජ මාධ්‍යයට ඇතුළුවූයේ කෙසේද? ඔබ මවිතයට පත් කරමින් නාරිලතා පුෂ්පයක සේයාරුවක් ඔබේ පරිගණකයේ නැත්නම් ජංගම දුරකථනයේ තිරය මතදී ඔබ ඇස ගැටුණේද?

මේ දිනවල ලෝකය පුරාම නාරිලතා පුෂ්පය ගැන විවිධ ආරංචි පැතිර යයි. බොහෝ දෙනකු පවසන්නේ එය හිමාලයට පමණක් ආවේණික පුෂ්ප විශේෂයක් ලෙසයි. එහෙත් කාන්තාවකට සමාන රූ සපුවකින් යුක්ත වූ මල් හට ගන්නා ශාක විශේෂයක් පිළිබඳ කේරළයේ ගම්මානයකින් ද වාර්තා වේ.

උතුරු ඉන්දියානුවන් ප්‍රකාශ කරන්නේ මේ ප්‍රභේදය ඇත්තේ හිමාල අඩවියේ පමණක් බවත් එහි මල් හට ගන්නේ වසර විස්සකට එක් වරක් පමණක් බවයි.

එසේ නම් නිරුවත් කාන්තාවකගේ රුවට අතිශයින් සමාන මල් විශේෂයක් සමාජ මාධ්‍යවල බහුලව සැරිසරන්නේ කෙසේද? ඔවුන් සමාජ මාධ්‍යයන්ට මුදා හැර ඇති ඡායාරූපයන් අනුව එක යායට පිපුණ නාරිලතා පුෂ්පයන් ද වේ.

ඉන්දියාවේ උත්තර ප්‍රදේශයේ බරණැස් හින්දු විශ්වවිද්‍යාලයේ උද්භිද විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධි විද්‍යාර්ථිකයන් ප්‍රකාශ කරන්නේ මේ බොහෝ මිථ්‍යාවන්ට පාදක කරගන්නේ විවිධ ඕකිඞ් ප්‍රභේදයන් බවයි. විවිධ හැඩයන්ගෙන් යුක්තවූ ඕකිඞ් ප්‍රභේදයන් රාශියක් වේ.

එසේම නූතන නාරිලතා වෘත්තාන්තය පසුපස සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ප්‍රසිද්ධිය බලාපොරොත්තු වන්නන් ද වේ. ඔවුන් තම වෙබ් අඩවි ඔස්සේ ව්‍යාජ නාරිලතා පුෂ්පයන් ප්‍රසිද්ධ කිරීම තුළින් බලාපොරොත්තු වන්නේ විශාල පිරිසක් තම සමාජ මාධ්‍ය ජාලාවන්ට නතුකර ගැනීමේ උපක්‍රමයයි. ඒ අනුව ව්‍යාජව සකස් කළ නාරිලතා පුෂ්පයන් මගින් පොදුජන අවධානය දිනා ගැනීම ඔවුන්ගේ ඉලක්කය වී තිබේ.

එදා නාරිලතා පුෂ්පය බින්දේ සුපසන් තවුසන්ගේ ශීලයන්ය. එහෙයින් තවුසන්ට වනයේදී නාරිලතා පුෂ්පයන්ගෙන් වහන්වී, දුරස්වී, ඈත්වී ජීවත්වීමට සිදු විය. එහෙත් කෛරාටිකයන්ගෙන් වහන්වීමට අද නාරිලතා පුෂ්පයට හිමාල අඩවියට ගිය ද අපහසු බව පෙනේ.

රත්න පතිරණ
Share This Article
Hiru Tv Blog
දිවයින පුරා ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව සීඝ්‍රයෙන්...
Hiru Tv Blog
පුංචි තිරයෙනුත් රිදී තිරයෙනුත් අපේ රටේ ප්‍රේක්ෂකයින්ගේ ආදරය දිනාගත්තු රූමත්...
Hiru Tv Blog
රංගන ක්ෂේත්‍රය තුළ ප්‍රේක්ෂකයන් අතර බෙහෙවින් ජනප්‍රිය මෙන්ම කාගෙත් ආදරය...
Hiru Tv Blog
ලංකාවේ නිරූපණ ක්ෂේත්‍රය ගැන කතා කරද්දී වගේම, රිදී තිරයේ , පුංචි තිරයේ දකින සුරූපීම...
Hiru Tv Blog
ෆේස්බුක් පරිශීලකයින්ට තොරතුරු සෙවීම, අන්තර්ගතයන් නිර්මාණය කිරීම සහ එකිනෙකා...
Hiru Tv Blog
ඔන්න යාළුවනේ අද අපි කියන්න යන්නේ නිකන්ම නිකන් කතාවක් නෙවෙයි, මුළු ලෝකයම හොල්ලපු...
Hiru Tv Blog
ලෝක අභ්‍යවකාශ ගවේෂණ ඉතිහාසයේ දැවැන්තම සහ සුවිශේෂී හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top