ක්‍රිෂ් නඩුවට අදාලව නාමල්ට ඇප ලබාදීම ගැන සලකා බැලීම හෙට..
Tuesday, 27 October 2026 - 15:42 | Views - 28
ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට ඇප ලබා ගැනීම සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කරන ලද මෝසම් පත්‍රය සම්බන්ධයෙන් කරුණු සලකා බැලිමට හෙට (28) දින නඩුව යළිත් කැඳවන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (27) නියෝග කළා. සිද්ධියට අදාලව මෝසම් පත්‍රයක් ගොනු කරමින් ජනාධිපති නීතීඥ අලි සබ්රි දැනුම් දුන්නේ ක්‍රිෂ් නඩුවට පෙර අධිකරණයේ කැඳවු එයාර් බස් ගනුදෙනු සිද්ධියේ ඉදිරිපත් කළ කරුණු සලකා බලන ලෙසයි.

මෙහිදී අධිකරණයට කරුණු ඉදිරිපත් කළ ජනාධිපති නීතීඥවරයා මෙසේ සඳහන් කළා. ‘ස්වාමිනී, සැකකරුගේ පියා වන මහින්ද රාජපක්ෂටත් දැන් වයස අවුරුදු 81යි. සැකකරුගේ මව වන ශිරන්ති රාජපක්ෂට 74යි. මහින්ද රාජපක්ෂ රෝහල් ගතකර සිට සිට ප්‍රතිකාර ලබා තිබෙනවා. ඔහුට එම ප්‍රතිකාර නිවසේදී ලබා දෙන්නේ ඔහුගේ භාර්යාව විසින්. ඒ වගේම අද සවස 4.00ට ශිරන්ති රාජපක්ෂට විවෘත හදවත් සැත්කමකට ලක් කිරීමට නියමිතයි.

ශිරන්ති රාජපක්ෂ මේ වනවිට හෘද ස්පන්දන යන්ත්‍රයක ආධාරයෙන් (pacemaker) පසුවනවා. ඇයට ඇප ලබා දුන් දිනයේ දී වෛද්‍ය පරික්ෂණ වර්තා අධිකරණයට ඉදිරිපත් කළා. එහිදී විශේෂ පරික්ෂණයක් මගින් තහවුරු වුණා ඇයට සැත්කම් දෙකක් කිරීමට අවශ්‍ය බව. එයින් එකක් මේ වෙද්දි අවසන්. අනෙක් සැත්කම එනම්, ජිවිත අවදානම් සැත්කම අද සවස 4.00 ට සිදුවෙනවා. පවුලේ වැඩිමහල් පුතා වන නාමල් රක්ෂිත බන්ධනාගාරගත වන තෙක් ඔහු ජිවත් වි ඇතිතේ එකම නිවසේ මව, පියා සමගයි, මීට වඩා සුවිශේෂි කරුණු දෙන්න ඕනි නම් අපට ඒවා නිර්මාණය කරන්න වෙනවා.” අල්ලස් කොමිසම - “ස්වාමිනී. මෙහෙම මෝසමක් දලා කියලා අපි දන්නේ එයාර් බස් නඩුවට ආවාට පස්සේ.

අධිකරණයට පැමිණි අපේ නිලධාරීන්ටත් මොසම් පත්‍රය ගැන දැනුවත්භායක් නැහැ. පෙර නඩුවේ සැකකරුවන් සහ මෙම නඩුවේ සැකකරුවන් වෙනස්. ඒ වගේම චෝදනා වෙනස්. පෙර නඩුවේ කරුණු මෙයට ඇතුළත් කරන්න බැහැ. එම නිසා ඇප ලබා දීමට විරුද්ධ වෙනවා. අද අධිකරණයට ඉදිරිපත් කළ කරුණු ලිඛිතව අප වෙත ලබා දෙන ලෙසත් ඉල්ලනවා." ජනාධිපති නීතීඥවරයා - " සැකකරුවන් වෙනස් වුණාට ඔවුන්ගේ නම් නඩුවෙන් නඩුවට වෙනස් වන්නේ නැහැ.

මොහුගේ අම්මා ශිරන්ති රාජපක්ෂ, තාත්තා මහින්ද රාජපක්ෂ එය නඩුවෙන් නඩුවට වෙනස් වන්නේ නැහැ." ඉදිරිපත් වු කරුණු සලකා බැලු මහේස්ත්‍රාත්වරයා අධිකරණයට දැනුම් දුන්නේ අද දින ඉදිරිපත් කරන ලද සුවිශේෂි කරුණු පෙර නඩු දිනයේදි ඉදිරිපත් නොවු බවයි. මේ සම්බන්ධයෙන් සලකා බැලීමට හෙට (28) දින නඩුව යළි කැඳවිමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළා. අද දින ඉදිරිපත් කළ ලිඛිත ලේඛණ පැමිණිල්ලට ලබා දෙන ලෙස අධිකරණ රෙජිස්ට්‍රාර්වරියටද නියෝගයක් නිකුත් වුණා.


Share This Article
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top