ශිරන්ති රාජපක්ෂට අද සවස විවෘත හදවත් සැත්කමක්..
Tuesday, 27 October 2026 - 16:05 | Views - 30
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ අද (27) සවස විවෘත හදවත් සැත්කමකට යොමුකිරීමට නියමිතව ඇතැයි ජනාධිපති නීතීඥ අලි සබ්රි කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස්. බෝදරගම හමුවේ අද (27) දැනුම් දුන්නා.
ජනාධිපති නීතිඥවරයා මේ බව අධිකරණයට දැනුම්ක් දුන්නේ ක්රිෂ් සිද්ධියට අදාලව මෝෂන් පත්රයක් මගින් අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින්.
ශිරන්ති රාජපක්ෂ මේ වනවිට හෘද ස්පන්දන යන්ත්රයක ආධාරයෙන් පසුවන ද ජනාධිපති නීතීඥවරයා මෙහිදී අධිකරණයට දැනුම් දුන්නා.
මෙය සුවිශේෂි තත්ත්වයක් ලෙස සලකා බලා එම පවුලේ වැඩිමලා වන මෙම සැකකාර නාමල් රාජපක්ෂට ක්රිෂ් නඩුවට අදාලව ඇප ලබා දෙන දෙන ලෙසයි ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ.
ඒ, අනුව ඒ සම්බන්ධයෙන් සලකා බැලීම සදහා යළිත් මෙම නඩුව හෙට (28) කැඳවීමටයි අධිකරණයෙන් නියෝග නිකුත් කෙරුණේ.
Share This Article