පෙම්වතියට චොකලට් දුන්නට චොකලට ගැන ඔබ දන්නවද? චොකලට් ගැන ඔයාල නොදන්න කරුණු රැසක් මෙන්න
Thursday, 23 February 2017 - 18:13 | Views - 5,525
කාලයක පටන් පෙම්වතුන් අතර තම ආදරය පෙන්වීම සඳහා හුවමාරු වන දෙයක් තමයි චොකලට කියන්නේ. රැල්ලත් සමඟ මෙසේ චොකලට් හුවමාරුව සිදු වුනත් 95% ක් ම එහි ගුණ අගුණ නොදනී. ඔබට ඒ පිළිබඳව දැනුවත් වීම ප‍්‍රයොජනවත් විය හැක.
චොකලට් වල අන්තර්ගත වන ප‍්‍රධානම ද්‍රව්‍ය වන්නේ කොකෝවා බව ඔබ දන්නවා. එහි පවතින ෆෙල්වනොයිස් අධි සාන්ද්‍රණ රුධිර වාහිනී සදහා ඉතාමත් හිතකරය. රුධිර වාහිනී හොදින් ක‍්‍රියාත්මක වෙනවා නම් දියවැඩියාව, රුධිර පීඩනය, ඇතැම් මානසික රෝග වැලඳීමට ඇති අවධානම ඉතාම පහල මට්ටමක පවතිනවා. මෙම හේතුව නිසාවෙන් චොකලට් ආහාරයට ගැනීම සෞඛ්‍ය සම්පන්න වන නමුත් මතක තබා ගන්න, ඕනෑවට වඩා චොකලට අනුභව කිරීමද සෞඛ්‍යට අහිතකර බව.
-උපුටාගැනීම අන්තර්ජාලයෙන්-
Share This Article