කෝමාරිකා ප්‍රතිකාර
Wednesday, 15 February 2017 - 19:48 | Views - 14,747

කෝමරිකා මද ඉස්ම පානය කිරීමෙන්, මුඛය සේදීමෙන් හෝමුඛයේ ආලේප කිරීමෙන් කට කොන් වණ වීම , විදුරුමස් ඉදිමීම සහ විදුරුමස්වලින්ලේ යාමත් සුව වෙනවා. මුඛයේ, උෂ්ණ කාලවලට ඇතිවන වේදනාකාරී තුවාල වලටත්කෝමාරිකා මද ඉස්ම පානය කිරීමෙන්, ආලේප කිරීමෙන් ගුණ ලැබෙනවා.මේ නිසාකෝමාරිකා රූපලාවණ්‍ය ඔෟෂධවලට පමණක් නොව බොහෝ කායික රෝගවලටත් සුවදායක වෙනවා.

කෝමාරිකා මඳ ඉස්ම සමේ තුවාල ඉක්මනින් සුව කරනවා. එසේම සමේ දුර්වර්ණ බව ඉවත් කරනවා.සම මෘදු කරනවා. මීට අමතරව හිසේ සමේ ඇතිවන හිස්හොරි සහ හිස කෙස්වල හටගන්නාරෝගවලටත් කෝමාරිකා වටිනා ඔෟෂධයක්. කෝමාරිකා මද ආලේප කිරීමෙන් සමේ තෙතමනයආරක්‍ෂා වෙනවා. සම හිරු එළියට පිලිස්සීම වළකිනවා. විස බීජ නාශක ගුණයෙන්යුතු නිසා සමේ ඇතිවන ආසාදන සහ ප්‍රදාහ තත්ත්වවලටත් ගුණදායකයි.

කෙටි කාලයක් තුළ ශරීරයේ බර වැඩි වීමත්, ගර්භණී බවත්, කාන්තාවන්ගේ ශරීරයේ යම් යම් ස්ථානවල සම ඉරී සුදු පැහැති රේඛාඇති වීමට හේතු වෙනවා. මේවා පිටතට පෙනෙන ස්ථානවල ඇති වීමෙන් යම්කිසිඅවලස්සන බවක් ඇති වෙනවා. එවිට ඒවා මත කෝමාරිකා මද ඉස්ම ආලේප කර වියළීමටසැලැස්වීමෙන් අවම කරන්නට පුළුවන්.

රැවුල බෑමෙන් පසුව කෝමරික මද ඉස්ම මුහුණ පුරා ආලේපකර මඳ වේලාවක්තැබීමෙන් සම වියළීම වළකිනවා. සමේ කැපුම් තුවාල සුව වෙනවා. සම පැහැපත්වෙනවා. කුරුලෑ සුව කරනවාකෝමාරිකාවල ඇති රසායනික සංයෝග නිසා සුළු කැපුම්තුවාල සුව කරනවා වගේම සමේ ඉදිමීම, රතුවීම වැනි ප්‍රදාහිත තත්ත්ව සමනයකරනවා.

සම වයසට යෑම ප්‍රමාද කරනවා .කාන්තාවන්ගේ සම වයසට යෑම දැඩි මානසික පීඩනයටහේතුවක් වෙනවා. මේ නිසා ඉක්මනින් සම රැලි වැටෙනවා, සමේ තිබෙන ප්‍රත්‍යාස්ථබව නැති වෙනවා. මේ තත්ත්ව මඟ හරවා ගෙන සම නිරෝගීව, තුරුණු බවෙන් යුක්තවතබා ගැනීම සඳහා කෝමාරිකාවල බීටා – කැරොටීන්, විටමින් – ඛ් සහ විටමින් – ඡ්වැනි සංඝටක උපකාරී වෙනවා. දිනපතා කෝමාරික මද ඉස්ම සූර්යා ලෝකයට නිරාවරණය වනස්ථානවල ආලේප කිරීමෙන් සම වියළී යෑමත් වළකිනවා.

 

Share This Article
Hiru Tv Blog
දත් මැදීමෙන් පමණක් මුඛයේ සෞඛ්‍යය සම්පූර්ණයෙන්ම...
Hiru Tv Blog
මෙරට උපතේ සිට අවුරුදු 19 දක්වා වන වයස් කාණ්ඩවල...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රයේ සිටින දක්ෂතම මෙන්ම සුරූපීම රංගන ශිල්පිනියක් ලෙස...
Hiru Tv Blog
කලා ලෝකයේ ඉන්න අතිශය ජනප්‍රිය වගේම ආදරණීය යුවලක් තමයි රුවන් හෙට්ටිආරච්චි සහ...
Hiru Tv Blog
මේ කියන්න යන්නේ ඔයාලා හැමෝම ගොඩක් ආදරය කරන අපේ පුංචි තිරයේ වගේම කලා ක්ෂේත්‍රයේ...
Hiru Tv Blog
කෘතිම බුද්ධිය (AI) සහ රොබෝ තාක්ෂණය වේගයෙන් වර්ධනය වීම හමුවේ මිනිස් රැකියා සුරක්ෂිතභාවය...
Hiru Tv Blog
ගොඩබිම මෙන්ම මුහුදේ ද එකවර ධාවනය කළ හැකි උසස් තාක්ෂණයෙන් යුත් උභයජීවී (Amphibious) යාත්‍රාවක්...
Hiru Tv Blog
ඉන්දියාවේ අභ්‍යවකාශ තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ස්ටාර්ට්අප් ආයතනයක් වන...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top