බඹර ප්‍රහාරයකින් කම්කරුවෙක් මරුට.. ලිඳුල ඕල්ට්‍රීම් වතුයායෙන් ඇසෙන අවාසනාවන්ත පුවත..
Monday, 21 September 2026 - 15:27 | Views - 30
ලිඳුල ඕල්ට්‍රීම් වතුයායේ සේවය කරමින් සිටි කම්කරුවන් පිරිසකට අද (21) අවාසනාවන්ත ලෙස එල්ල වූ බඹර ප්‍රහාරයක් හේතුවෙන් එක් කම්කරුවෙකු මියගොස් තවත් පිරිසක් තුවාල ලබා ඇති බව ලිඳුල පොලිසිය සනාථ කර සිටිනවා.
වතුයායේ සාමාන්‍ය පරිදි සේවයේ නිරත වී සිටි කම්කරුවන් 8 දෙනෙකුට එකවරම මෙම බඹර ප්‍රහාරය එල්ල වී ඇති බව වාර්තා වුණා.
එහිදී බරපතල ලෙස තුවාල ලැබූ එක් කම්කරුවෙකු වහාම ලිඳුල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබුණද, රෝහලට ඇතුළත් කරන විටත් ඔහු ජීවිතක්ෂයට පත්ව සිටි බව පොලිසිය සඳහන් කළා.
මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ ලිඳුල ඕල්ට්‍රීම් වතුයායේ ලෙන් තෝමස් කොටසේ පදිංචිව සිටි කේ. සුබ්‍රමණියම් නමැති 77 හැවිරිදි තිදරු පියෙකි.
මේ අතර බඹර ප්‍රහාරයෙන් තුවාල ලැබූ සෙසු කම්කරුවන් හත්දෙනා ලිඳුල ප්‍රාදේශීය රෝහලේ බාහිර රෝගී අංශයෙන් හදිසි ප්‍රතිකාර ලබා ගැනීමෙන් අනතුරුව නැවත පිටව ගොස් ඇති බව රෝහල් ප්‍රකාශකයෙකු වැඩිදුරටත් සඳහන් කර සිටියා.
Share This Article