මේ කියන්න යන්නේ බ්‍රෙසියර් එහෙමත් නැත්නම්
බ්‍රා වශයෙන් හඳුන්වන කාන්තා යට ඇඳුම ගැන.
බ්රෙසියරය යන නම ලැබී ඇත්තේ ප්‍රංශ
භාෂාවෙන් දරුවකුගේ යට බැනියමට කියන නම යොදාගෙනයි.
1913 දී
කැරසි ක්‍රොස්බි නම් ප්‍රකට නිර්මාණකරුවකු ඒ නම ලොවට හඳුන්වා දී ඇත.
බ්‍රෙසියරය ලොවට හඳුන්වා දුන්නේ
අයිඩා රොසෙන්තාල් නමැති කාන්තාවයි. ඇය ඇමරිකාවේ රෙදි සාප්පුවක් පවත්වාගෙන යද්දී මෙම අපුරු ඇඳුම සොයාගෙන තිබෙන්නේ. එත් මුලින් මෙය නිර්මාණය කිරීමට හේතුවනම් ටිකක් වෙනස් දෙයක්. එනම් තරුණියන්ගේ පපුව පැතලි කොට පිරිමියකුගේ හා සමාන පෙනුමක් ලබාදීමටයි මෙම අපූරු ඇඳුම නිර්මාණය කර තියෙන්නේ. එහෙත් කාලයත් එක්ක ඇය තේරුම් අරන් තියෙනවා එසේ කල විට කාන්තාවන්ගේ පෙනුම අවලස්සන වෙන බව.පසුව ඇය ඒ නිර්මාණය කණපිට පෙරලා යම් හැඩයක් ඉදිරියට එන සේ නිර්මාණය කර තිබෙනවා.ඇය තමාගේ ඒ නව නිපැයුම අනිත් ඇඳුම් සමග නොමිලේ බෙදාදීමට කටයුතු කර තිබෙනවා. නමුත් පසුව සිද්දවී තියෙන්නේ හිතාගත නොහැකි දෙයක්. ඒ ඇඳුම් මිලට රැගෙන යන කාන්තාවන් වෙනත් ඇඳුම් නැතුව මේ බ්‍රෙසියරය එහෙමත් නැත්නම් බ්‍රා එක පමණක් මේ සාප්පුවෙන් ඉල්ලුම් කරන්න පටන් අරගෙන.

අද වනවිට ලෝකයේ ලොකු පොඩි භේදයක් නැතිව කාන්තාවන්ට මෙම අපූරු ඇඳුම අත්‍යවශ්‍ය දෙයක් වෙලා තියෙනවා
යට ඇඳුමක් උනත් අඳින්න ඕන පිළිවෙලක් තිබුනද බොහෝ දෙනා නොදැනුවත් කම නිසා ඔහේ අහුවෙච්චි එකක් ඇඳගෙන යාමට පුරුදුවෙලා තියෙනවා. ඔබත් එහෙම කාන්තවක්නම් මේ ලිපිය ගොඩක් වැදගත් වෙයි.
තැනට හා ඇඳුමට ගැලපෙන බ්‍රෙසියර් (බ්‍රා) එකක් නොඇඳීම නිසා බොහෝ තරුණියන් තමන්ගේ සුන්දරත්වය නැති කරගන්නවා. එහෙමත් නැත්තන් කාමුකත්වයක් හෝ විකාර ස්වභාවයක් ඇති කරගන්නවා. ඇඟට හිර ටී ෂර්ට් එකක් ඇඳන් ඊට යටින් Wired Push-up බ්‍රා එකක් ඇඳන් ආවාම පපුව ලස්සනට පේනවා. එත් ඒක නිවැරදි විලාසිතාව නොවෙයි. ටී ෂර්ට් එකට යටින් බ්‍රා එකේ පටි, දාර, පේන එක කාමුකයි. එත් අවලස්සනයි.

බ්‍රා එකේ පටි පේන්න ඇඳීමත් දැන් දැන් ෆැෂන් එකක් වෙලා. ඒ තුලින්
පොෂ් ගතියක් ඇති කරගන්න ගැහැණුලමයින් අදකාලේ උත්සාහ කරමින් ඉන්නවා.
සමහරක් සාරි අඳින අයගේ බ්‍රා පටි පේන්නේ නිවැරදි බ්‍රා එකක් තෝරා නොගැනීම නිසයි..
No Bra Day යනුවෙන් දිනයක් ද දැන් බටහිර ලෝකයේ සමරණ බව රහසක් නෙමෙයි.

ප්‍රමාණයෙන් කුඩා වුවද බ්‍රා එකක් සෑදීමට කුඩා කොටස්
17 ක් අවශ්‍ය වෙනවා.

ඒවාගේම තමයි කාන්තාවන්ගේ පියයුරු වර්ග තුනකට වර්ග වෙනවා.
1.
Tear Drop 2.
Bullet3.
Pumpkin Tear Drop - මෙම පියයුරු හැඩයෙන් උල්වූ ආකාරයක් ඇත. නව යුවතියන්ගේ වර්ධනය වෙමින් පවතින පියයුරු මෙවැනි හැඩයක් ගන්න අතර වයස් ගත වුවද කෙට්ටු කාන්තාවක් නම් ඇත්තේ මේ වර්ගයයි.
Bullet - වක්‍රාකාරව පතරොමක කෙළවරක් වැනි පිරුණු ස්වරූපයක් ගනී. කාන්තාවන් වැඩි පිරිසක ගේ මෙවැනි හැඩයක් ගනියි. සමහරක් Porn stars ලා කෘත්‍රීමව මෙම හැඩය සදාගනියි. තැඹිලි ගෙඩි යයි කියමින් තරුණයන් කතාවෙන්නේ මේ වර්ගයටයි. කාමුකත්වයක් ඇත.
Pumpkin - වට්ටක්කා මෙන් ඉතා විශාල නිසා එසේ හඳුන්වයි.එල්ලා වැටෙන පියයුරු කිවුවොත් තවත් නිවරදියි. මැදිවිය ඉක්මවූ හෝ තරබාරු තරුණියන්ට මේ වර්ගයේ පියයුරු පිහිටයි. නිවැරදිව බ්‍රා එකක් නො ඇන්දොත් අශෝභන ආකාරයක් පෙනෙයි.
ඔබ මොන ප්‍රමාණයක බ්‍රා එකක් ඇන්දත් ඉහත එක් වර්ගයකට ඔබව අයත්වේ. දැනුමක් නොමැතිවීම නිසා බොහෝ තරුණියෝ කෝකටත් අඳින්නේ එකම බ්‍රා එකයි.
යට ඇඳුමක් වුවත් හෝදා වේලෙන්න වැලේ දැමූවිට එය බොහෝ අයට පෙනෙන නිසා තම අසල්වාසීන්, දෙමවුපියන්, සහෝදර සහෝදරියන් ගෙන් තමා වෙත එල්ලවිය හැකි චෝදනා හා වැරදි බැල්මට බය නිසාවෙන් බොහෝ තරුණියෝ සම්මත තත්ත්වයේ බ්‍රා පාවිච්චි කිරීමට පෙළඹෙයි.
Adhesive Braශරීර හැඩය ගනී. පටි නැත. සිලිකන් වලින් හෝ කඩදාසි මිශ්‍රණයන්ගෙන් සාදයි. ශරීරයේ පාටට සමාන වර්ණ වලින් නිපදවයි. පියයුරු දරා සිටීමට වැඩි සහයෝගයක් නැත.
Bandeau Braශරීරය වටා පටියක් (Band) එකක් ලෙස පවතී. පියයුරු දරා සිටීමට වැඩි සහයෝගයක් නැත. ශරීරයේ ලස්සන උද්දීපනය කිරීමක් ද නැත.
Belly Dance Braබැලේ නැටුම් නාට්‍යාංගනාවන් භාවිතා කරනා විශේෂ වර්ගයකි. කාම උද්දීපනයට භාවිතාවේ. එබැවින් නර්තනයන් සඳහා මිස සාමාන්‍ය භාවිතයට නොගැලපේ. නමුත් සාමාන්‍ය බ්‍රා එකකට වඩා හොඳින් ශරීරය ආවරණය කරයි. ඊට හේතුවන්නේ මෙය යට ඇඳුමක් නොවන නිසාය.
Bridal Bra/Corsetමනාලියන්ගේ ගවුමට සුදුසු වන පරිදි සාදා ඇත. ශරීරය හැඩය ඉස්මතු කර පෙන්වීමට භාවිතා කරයි. සාමාන්‍ය බ්‍රා එකක් පියයුරු බර දරන්නේ කරට උඩින් ඇති පටි වලින් වුවත් මෙම වර්ගයේ දී පියයුරු බර දරන්නේ සම්පූර්ණ ඇඳුම් කට්ටලයම බැවින් මනාලියක් නමි ඇයට පියයුරු වල බර නොදැනෙන අකාරයට සකසා ඇත.
ලංකාවේ අපේ මනාලියන්ට මෙම වර්ගය භාවිතා කළ නොහැක්කේ සාරිය හා ඔසරිය ඇඳීමේදී ශරීරයේ පිට හා ඉන කොටස් නිරාවරණය වී පෙනීමයි. නමුත් Going away අඳිනා විට මෙම බ්‍රා වර්ගය ඇඳිය හැකිය.
මෙය කියනව ඔබත් මනාලියක් වූවානම්, Going away frock එකට ඔබත් ඇන්දේ සාමාන්‍ය බ්‍රා එකක් නම් ඊට හේතුව ඔබේ නොදැනුවත් කම හා ලාංකීය Bridal dressers ලා ඒ පිලිබඳව නොදැනීම හෝ ඔවුන් ඒ පිළිබඳව කියා නොදැනීමයි.
Built-in Braවෙනත් ඇඳුමක් යට්න් පිහිටන පරිදි සාදයි. මෙය යට ඇඳුමක් වශයෙන් හෝ බාහිර ඇඳුමක් වශයෙන් භාවිතා කළ හැකියි. එබැවින් වෙනමම බ්‍රා එකක් ඇඳීමට අවශ්‍ය නොවේ. බොහෝවිට බටහිර රටවල නව යුවතියන් මේ වර්ගය අඳිනු ලබයි.
Convertible Braමෙහි විශේෂත්වය වන්නේ කර පටි ගලවා වෙනස් ආකාරයට සවිකිරීමේ හැකියාවයි. අඳිනා ඇඳුමේ පිට හෝ කර විවර වී පවතින ආකාරය අනුව තමන්ටම බ්‍රා පටි වෙනස් කර ගැනීමට මෙම වර්ගය නිසා හැකිවෙනවා. බොහෝ තරුණියන් විනිවිද පෙනෙනා බ්‍රා පටි අඳින්නේ මේ වර්ගය සමඟයි.
විලාසිතාවන්ට ගැලපෙන බ්‍රා තෝරා ගැනීමට නොදන්නා හෝ නොහැකි තරුණියන්ට වඩා සුදුසු වන්නේ මෙයයි.
Demi Braබ්‍රා කප් එකෙන් බාගයක් විවෘත වී පවතින පරිදි සාදා ඇත. පියයුර දරා සිටීමට දක්වන සහයෝගය අඩුයි. බ්‍රා පටි ඉතා ඈතින් පිහිටුවා ඇත. කාමුක බවක් ඇති කිරීම සඳහා පපු පුදේශය විවෘත කර පෙන්වීමට විශේෂයෙන් සාදා ඇත.
Front Closure Braබ්‍රා පටි නොපෙනෙන ලෙසින් සාදා ඇත. මෙහි පිටුපස ප්‍රදේශයේ හැකිතරම් මැහුම් දාර නැතිව සාදා ඇති නිසා ඇඟට හිරවූ වෙනත් ඇඳුම් සමඟ ඇන්ද විට බ්‍රා එකේ හැඩය පිටේ නොපෙනෙයි.
Full Support Braපියයුරු වල බර සම්පූර්ණයෙන්ම දරා සිටීමට සාදා ඇත. දිනපතා භාවිතයට සුදුසුම පියයුරු සෙඛ්‍යයට ඉතාම සුදුසු වන්නේ මෙයයි. නිමාවෙන් අලංකාර බවක් නොමැති නිසා බොහෝ දෙනාගේ ප්‍රියතාවයක් නැත.
Mastectomy Braසැත්කම් නිසා පියයුරු ඉවත් කළ කාන්තාවන්ට පියයුරු ඇත්තාසේ පෙන්වීමට සාදවා ඇත. සිලිකන් හෝ රබර් යොදා ව්‍යාජ පියයුරු නිපදවා ඇත.
Maternity Braගර්භණී සමයේදී පියයුරු විටින් විට ලොකුවීම සිදු වන බැවින් අවස්ථානූකූලව ප්‍රමාණය වෙනස් කිරීමට හැකිවන පරිදි සාදා ඇත.
Minimizer Braපියයුරේ ප්‍රමාණය කුඩා කර පෙන්වීමට හැකි පරිදි සාදා ඇත. කප් සයිස් එක කුඩා කිරීමට හැකිවන පරිදි නිපදවා ඇති බැවින් විශාල පියයුරු ඇති අයට ඒවා කුඩා කර පෙන්වීමට භාවිතා කළ හැකිය.
Novelty Braඋසස් තත්ත්වයන් හෝ නව අදහසක් එලි දැක්වීමේ අරමුණෙන් නිපදවයි. සාමාන්‍ය අමුද්‍රව්‍ය වෙනුවට හම්, රෙක්සින් යොදා සාදා මුතු මැණික් රන් අල්ලා නිපදවයි.
Nursing Braකිරිදෙන මව්වරුන්ට පහසුවන පරිදි නිපදවා ඇත. බ්‍රා එක නොගලවා කිරි දීමට හැකි පරිදි ඉදිරියෙන් විවෘත කල හැකි විවර සාදා ඇත.
Padded Braබ්‍රා කප් එකට යටින් කෘත්‍රීම පෑඩ් යොදා ඇත. නව යෞවනියන් තමාගේ කුඩා පියයුරු ලොකුවට ඇත්තා සේ පෙන්වීමට මෙය භාවිතා කරයි.
අසාමාන්‍ය ප්‍රමාණයේ පියයුරු ඇති ළාබාල යුවතිවන් අපි එදිනෙදා දකින්නේ මේවා නිසායි.
Peephole Braබ්‍රා කප් එක යාන්තමින් පියයුරු හා සම්බන්ධවේ. පියයුරේ බර උස්සාගෙන සිටීම ඉතා අඩුයි. ඉදිරියෙන් ඇති සිදුරක් මගින් පියයුරේ නිපල් එක එළියට එන පරිදි සාදා ඇත. එදිනෙදා භාවිතයට නුසුදුසුයි.
භාවිතා කරන්නේ කුමක් සඳහාද කියා ගූගල් කර සොයාගන්න. Playboy girls බොහෝවිට අඳිනු ලබයි.
Push-up Braපියයුරු දෙක එකිනෙක තෙරපා, උස්සා, ඉදිරියට තල්ලුකර පෙන්විය හැකි පරිදි සාදා ඇත. පෑඩ්වලට රබර් හෝ ජෙල් වර්ග යොදා විශාල කොට දක්වා ඇත. ලංකාවේද බොහෝ වේගයෙන් ප්‍රචලිත වෙමින පවතින වර්ගයකි. ජාත්‍යන්තර වශයෙන්ද වැඩිම වශයෙන් නිෂ්පාදනය වන්නේ මෙයයි.
Racerback Braකරපටි දෙක බෙල්ලට ආසන්නයෙන් V හැඩයට පිහිටන ලෙසට සාදා ඇත. පිට හරහා බ්‍රා පටි ගමන් කරන්නේ මැදට වන්නටය. Sport bras නිපදවීමේදී මෙම පටි ක්‍රමය භාවිතා කරයි.
Shelf Braපියයුරේ සියලු ප්‍රදේශ විවෘතව පවතී. නිපල් ද සම්පූර්ණයෙන් විවෘතය. පියයුරට යටින් වයර් සහිත සැකිල්ලක් මගින් බර දරා සිටීම පමණක් සිදුවෙයි.
Softcup Braවයර් භාවිතයක් නොකරයි. ඒවෙනුවට පියයුරට යටින් ඇති බෑන්ඩ් එකක් මගින් බර දරා සිටියි.
Sport Braක්‍රීඩිකාවන්ට අවශ්‍ය පරිදි පහසුවෙන් ශරීර චලනයන් සිදුකිරීමට සාදා ඇත. පපුවේ වැඩි කොටසක් ආවරණය වන ලෙස සාදා ඇත. පියයුරු දැඩිව අල්ලාගෙන සිටින බැවින් පහසුවෙන් චලනයන් සිදු කළ හැකිය.
Strapless Braකරපටි නැත. පපුව විවෘතව පවතින ඇඳුම් සඳහා භාවිතා කළ යුතුයි. පියයුරුවලට එතරම් සහයෝගයක් නැත.
T-shirt Braමැහුම් දාර නොපෙනෙන ලෙස සාදා ඇත. ඇඟට හිරවූ ටී ෂර්ට් ඇඳීමේදී භාවිතා කළ යුත්තේ මෙයයි. පෑඩ් යෙදූ කප් ඇති නිසා බ්‍රා එකක් ඇන්ද බවක් නොපෙනෙන ලෙසට ටී ෂර්ට් එකක් හා ඇඳිය හැකියි.
Trainer Braපියයුරුවලට එතරම් සහයෝගයක් නැත. බ්‍රා ඇඳීමට ආධුනික යුවතියන් ඊට හුරුකිරීමට සාදා ඇත.
U-plunge Braලැම පෙදෙසේ විශාල විවරයන් සහිත ඇඳුම් ඇඳීමේදී භාවිතය සාදා ඇත. විවරය U අකුරේ හැඩයට සමාන නිසා මෙම නම ලැබී ඇත.
Underwire Braවයර් භාවිතා කර පියයුරට යටින් සැකිල්ලක් සාදා ඇත. මේ නිසාම පියයුර දරා සිටීමට දක්වන සහයෝගය ඉතා වැඩියි.
Vintage Braපියයුරු වල බර සම්පූර්ණයෙන්ම දරා සිටීමට සාදා ඇත. 1940 ගණන් වලදී නිපදවන ලද මෝස්තරයකි. වර්ථමානයේ භාවිතයක් නැත.
ඉතින් අදින් පස්සෙවත් තැනට සුදුසු ඒ වගේම ඇඟට සුදුසු හා ඇඳුමට සුදුසු විදිහට බ්රෙසියරය අඳින්න පුරුදු වෙන්න. එවිට ඔබට ඔබේ පෙනුම ලස්සන කරගන්න පුළුවන් වගේම අනවශ්‍ය කරදර වලින් ගැලවිලා ඉන්නත් පුළුවන් වෙයි.