විවාහය අවසන් වීමට හේතුවූ මංගල රාත්‍රියේදී සිදුවූ දේ යුවලක් රුපවාහිනී වැඩසටහනකදී හෙළිකරයි
Sunday, 30 April 2017 - 16:10 | Views - 36,112
ස්පාඤ්ඤයේ රුපවාහිනී රියැලිටි වැඩසටහනකදී විවාහක යුවලක් විසින් හෙළිකළ ඔවුන්ගේ වෙන්වීමට හේතුවූ අමුතු සිදුවීමක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මෙම රියැලිටි තරගයට සහභාගී වූ ටානියා සහ ඇලජැන්ඩෝ යුවළ ඔවුන්ගේ පවුල් ජීවිතය කෙළවර වීමට හේතු පැහැදිලි කළේ සියල්ලන් පුදුම කරමින්.

සැමියා වන ඇලජැන්ඩ්‍රෝ පවසා තිබුණේ අවුරුද්දක පමණ ප්‍රේම සම්බන්ධයකින් අනතුරුව ඔහු ටානියාව විවාහ කර ගත් බවයි.

නමුත් මංගල රාත්‍රියේදීම ඔහුට සිය බිරිඳ ගැන ඇතිව තිබුණේ අප්‍රසන්න හැඟීමක්.

ඔහු පවසන ආකාරයට ඇය විසින් මංගල රාත්‍රියේදී ඇයගේ සුළු මව සමග යහන්ගතව සිටින ආකාරය ඔහු දැක තිබුණා.

ඇලජැන්ඩ්‍රෝ පවසන්නේ මේ හේතුව නිසා ඔහු ටානියාගෙන් වෙන්වීමට සිතූ බවයි.

නමුත් එහිදි බිරිඳ වන ටානියා පැවසුවේ වෙනම කතාවක්.

ඇය පවසන්නේ තමන් උපතින්ම ලිංගික අවයවයක් නොමැතිව ඉපදුණු බවත් කසාදයෙන් පසු තමන් සැත්කමක් කිරීමට බලාපොරොත්තු වුණු බවත්ය.

තම පෙම්වතාට තිබූ ආදරය නිසාම මේ තත්ත්වය ඔහුගෙන් වසන් කළ බවත් ටානියා පවසනවා.

එමෙන්ම මංගල රාත්‍රියේදී තම සුළු මව විසින් තමාට උදව් කිරීම සඳහා කාමරයට පැමිණි අවස්ථාවේ තම සැමියා එය දුටු බවත් ඔහු දැන් මෙසේ චෝදනා නගන බවත් ඇය සඳහන් කර තිබුණා.  

කෙසේ වෙතත් තම සැමියාට බෙහෙවින් ආදරය කරන බවත් ටානියා පවසා තිබුණා.



Share This Article
Hiru Tv Blog
දිවයින පුරා පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත්...
Hiru Tv Blog
වසරේ මේ දක්වා ගත වූ කාලය තුළ වාර්තා වූ ඩෙංගු...
Hiru Tv Blog
පුංචි තිරයෙන් වගේම සිනමාවෙනුත් අපේ ආදරය දිනාගත්ත සචිනි අයේන්ද්‍රා කියන්නේ...
Hiru Tv Blog
විනූ පෙරේරා, ලංකාවේ කවුරුත් ආදරය කරන දක්ෂ, ජනප්‍රිය චරිතයක්. පසුගිය දවසක රංගන...
Hiru Tv Blog
ක්ෂේත්‍රයට පැමිණ කෙටි කාලයකින්ම තමන්ටම අනන්‍ය වූ සුන්දරත්වයකින් සහ දක්ෂතාවයකින්...
Hiru Tv Blog
අද වන විට මුළු මහත් ලෝකයම ක්‍රියාත්මක වන්නේ Wi‑Fi තාක්ෂණය මත වුවත්, අප එදිනෙදා...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රිය ‘Rockstar Games’ සමාගමේ දැවැන්තම ක්‍රීඩා මාලාවේ නවතම සංස්කරණය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණයේ සීඝ්‍ර වර්ධනයත් සමඟ මතක සහ ගබඩා චිප් (Memory and Storage Chips)...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top