විවාහය අවසන් වීමට හේතුවූ මංගල රාත්‍රියේදී සිදුවූ දේ යුවලක් රුපවාහිනී වැඩසටහනකදී හෙළිකරයි
Sunday, 30 April 2017 - 16:10 | Views - 36,129
ස්පාඤ්ඤයේ රුපවාහිනී රියැලිටි වැඩසටහනකදී විවාහක යුවලක් විසින් හෙළිකළ ඔවුන්ගේ වෙන්වීමට හේතුවූ අමුතු සිදුවීමක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මෙම රියැලිටි තරගයට සහභාගී වූ ටානියා සහ ඇලජැන්ඩෝ යුවළ ඔවුන්ගේ පවුල් ජීවිතය කෙළවර වීමට හේතු පැහැදිලි කළේ සියල්ලන් පුදුම කරමින්.

සැමියා වන ඇලජැන්ඩ්‍රෝ පවසා තිබුණේ අවුරුද්දක පමණ ප්‍රේම සම්බන්ධයකින් අනතුරුව ඔහු ටානියාව විවාහ කර ගත් බවයි.

නමුත් මංගල රාත්‍රියේදීම ඔහුට සිය බිරිඳ ගැන ඇතිව තිබුණේ අප්‍රසන්න හැඟීමක්.

ඔහු පවසන ආකාරයට ඇය විසින් මංගල රාත්‍රියේදී ඇයගේ සුළු මව සමග යහන්ගතව සිටින ආකාරය ඔහු දැක තිබුණා.

ඇලජැන්ඩ්‍රෝ පවසන්නේ මේ හේතුව නිසා ඔහු ටානියාගෙන් වෙන්වීමට සිතූ බවයි.

නමුත් එහිදි බිරිඳ වන ටානියා පැවසුවේ වෙනම කතාවක්.

ඇය පවසන්නේ තමන් උපතින්ම ලිංගික අවයවයක් නොමැතිව ඉපදුණු බවත් කසාදයෙන් පසු තමන් සැත්කමක් කිරීමට බලාපොරොත්තු වුණු බවත්ය.

තම පෙම්වතාට තිබූ ආදරය නිසාම මේ තත්ත්වය ඔහුගෙන් වසන් කළ බවත් ටානියා පවසනවා.

එමෙන්ම මංගල රාත්‍රියේදී තම සුළු මව විසින් තමාට උදව් කිරීම සඳහා කාමරයට පැමිණි අවස්ථාවේ තම සැමියා එය දුටු බවත් ඔහු දැන් මෙසේ චෝදනා නගන බවත් ඇය සඳහන් කර තිබුණා.  

කෙසේ වෙතත් තම සැමියාට බෙහෙවින් ආදරය කරන බවත් ටානියා පවසා තිබුණා.



Share This Article
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top