විවාහය අවසන් වීමට හේතුවූ මංගල රාත්‍රියේදී සිදුවූ දේ යුවලක් රුපවාහිනී වැඩසටහනකදී හෙළිකරයි
ස්පාඤ්ඤයේ රුපවාහිනී රියැලිටි වැඩසටහනකදී විවාහක යුවලක් විසින් හෙළිකළ ඔවුන්ගේ වෙන්වීමට හේතුවූ අමුතු සිදුවීමක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
මෙම රියැලිටි තරගයට සහභාගී වූ ටානියා සහ ඇලජැන්ඩෝ යුවළ ඔවුන්ගේ පවුල් ජීවිතය කෙළවර වීමට හේතු පැහැදිලි කළේ සියල්ලන් පුදුම කරමින්.
සැමියා වන ඇලජැන්ඩ්‍රෝ පවසා තිබුණේ අවුරුද්දක පමණ ප්‍රේම සම්බන්ධයකින් අනතුරුව ඔහු ටානියාව විවාහ කර ගත් බවයි.
නමුත් මංගල රාත්‍රියේදීම ඔහුට සිය බිරිඳ ගැන ඇතිව තිබුණේ අප්‍රසන්න හැඟීමක්.
ඔහු පවසන ආකාරයට ඇය විසින් මංගල රාත්‍රියේදී ඇයගේ සුළු මව සමග යහන්ගතව සිටින ආකාරය ඔහු දැක තිබුණා.
ඇලජැන්ඩ්‍රෝ පවසන්නේ මේ හේතුව නිසා ඔහු ටානියාගෙන් වෙන්වීමට සිතූ බවයි.
නමුත් එහිදි බිරිඳ වන ටානියා පැවසුවේ වෙනම කතාවක්.
ඇය පවසන්නේ තමන් උපතින්ම ලිංගික අවයවයක් නොමැතිව ඉපදුණු බවත් කසාදයෙන් පසු තමන් සැත්කමක් කිරීමට බලාපොරොත්තු වුණු බවත්ය.
තම පෙම්වතාට තිබූ ආදරය නිසාම මේ තත්ත්වය ඔහුගෙන් වසන් කළ බවත් ටානියා පවසනවා.
එමෙන්ම මංගල රාත්‍රියේදී තම සුළු මව විසින් තමාට උදව් කිරීම සඳහා කාමරයට පැමිණි අවස්ථාවේ තම සැමියා එය දුටු බවත් ඔහු දැන් මෙසේ චෝදනා නගන බවත් ඇය සඳහන් කර තිබුණා.
කෙසේ වෙතත් තම සැමියාට බෙහෙවින් ආදරය කරන බවත් ටානියා පවසා තිබුණා.