ජනප්‍රිය බොලිවුඩ් නළු විනෝද් ඛන්නා අභාවප්‍රාප්ත වෙයි
Thursday, 27 April 2017 - 16:14 | Views - 2,337
ජනප්‍රිය බොලිවුඩ් නළුවෙකුවන විනෝද් ඛන්නා අද උදෑසන මුම්බායි හි රෝහලකදී මියගිය බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ඔහු එරට දේශපාලනඥයකු ලෙසද කටයුතු කලේය.

ඔහු කලක සිට මුත්‍රාශය ආශ්‍රිතව පිළිකා රෝගයකින් පීඩා විඳිමින් සිට ඇති අතර පසුගිය මාර්තු 31 දින ඔහුව රෝහල් ගතකර ඇත්තේ විජලන රෝගී තත්වයට බෙහෙත් කිරීම සඳහායි. කෙසේවූවද ඔහු අද උදෑසන 11.20ට අවසන් සුසුම් හෙළීය.

ඔහු මිය යන විට 70 වැනි වියේ පසුවුණා.

1968 වසරේදී සිය සිනමා දිවිය ආරම්භ කළ විනෝද් ඛන්නා චිත්‍රපට 100 කට අධික ප්‍රමාණයකට සිය රංගන දායකත්වය ලබා දී තිබුණා.

විනෝද් ඛන්නාගේ සමකාලීනයන් මෙන්ම දේශපාලනඥයන් රැසක්ද මෙම මරණය සම්බන්ධයෙන් සමාජ වෙබ් අඩවි ඔස්සේ සිය ශෝකය ප්‍රකාශ කර තිබුණා.



Share This Article
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top