මේකප් කරන්න ගිහින් ඇසක් අහිමි කරගත් තරුණිය
Thursday, 27 April 2017 - 14:14 | Views - 28,349
ලස්සන වෙන්න මේකප් කරන්න හුඟක් අය ආසයි. හැබැයි ඒ දේවල් එක්ක එන අවධානමෙන් වැළකෙන්න තරම් අවධානයක් ගොඩක් අයට නැහැ.

ඒ නිසාම වෙන ලොකු අනතුරු ගැනත් නිතර අහන්න ලැබෙනවා.

මේ කියන්න යන කතාව අහන්න ලැබෙන්නේ බ්‍රසීලයෙන්. එරිකා දෙදරු මවක්.

රාත්‍රී සාදයක් සඳහා යන්න සැරසුණු ඇය දිළිසෙන ආලේපනයක් ඇසි පියන්වල තැවරුවා.

සාදය ඉවරවෙලා ගෙදර ආවට පස්සේ ඇය දැක්කේ මේ ආලේපනයෙන් කොටසක් ගැලවී ගිහින් ඇසේ රැඳී ඇති බවයි.

ඒක ඉවත්කරන්න ගත්තු උත්සහයෙදී ඇගේ ඇස කැපී ගියා.මේ කැපී යාම පහුවදා උදේ වෙද්දීම ආසාදනය වෙලා.

එදා රෝහලට ගියත්, වෛද්‍යවරු කියන්නේ මේ ඇස සනීප කරන එක ලේසි නැහැ කියලයි. ඒ නිසා ඔවුන් ඇසෙන් කොටසක් ඉවත් කරන්න හදනවා.

එතොකොටයි ඔවුන් දකින්නේ මේ ඇසට ඇතුලේ විශාල ආලේපන කොටසක් රැඳී තියෙනවා කියල. එය ඉවත් කරන්න තවත් සැත්කමක් අවශ්‍ය වුණා.

ඒ හැමදේම ඉවරවෙද්දි ඇයට ඇස අහිමි වෙලා. ඒ විතරක් නෙමෙයි, ඇගේ මොළයටත් ආසාදනයක් ඇවිත්. මේ ආසාදනය නිසා සති 14 ක් ඇය හිටියේ රෝහලේ.

මේ කතාව මාධ්‍යට දෙන්නේ ඇගේ සැමියා. ඒ මෙවැනි සිදුවීම්වල අවධානම ලෝකයට හෙළිකරන්නයි.
Share This Article
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top