ඉන්දියන් රුපියල් 50,000 කට දිනක් වයසැති දරුවා විකුණූ මව
Thursday, 27 April 2017 - 12:32 | Views - 1,871
වර්තමානයේ මිනිසුන්ගේ මිනිසත්කම් කෙතරම් අයාලේ ගොස් ඇත්දැයි හෙළිවෙන පුවතක් ඉන්දියාවෙන් වාර්තා වෙනවා.
ඉන්දියාවේ තිරිපුර ප්රාන්තයේ මවක් තම දිනක් වයසැති දරුවා ඉන්දියන් රුපියල් 50,000 කට විකුණා ඇති බව විදෙස් මාධ්ය වාර්තා කරයි.
එහි පුදුම සහගත සිදුවීම නම් තම සැමියාගේ ජීවිතය බේරා ගැනීම වෙනුවෙන් ඇය එම පියවර ගැනීමයි.
බොහෝ ආර්ථික අපහසුකම් මැද ජිවත් වූ ඔවුන්ට මුදලින් උපකාර කිරීමට කිසිවෙක් ඉදිරිපත් නොවීම හේතුවෙන් මෙය සිදුකර ඇති බව පැවසේ.
මෙම සිදුවීම දැනගත් වහාම ඉන්දියන් පොලිසිය එම දරුවා සොයාගෙන ළමා නිවාසයකට බාර දී ඇති අතර අත්අඩංගුවට ගත් මවට දැඩි ලෙස අවවාද කර මුදා හැර ඇතිබව සඳහන් වේ. ඉන්දියාවේ මිනිසුන්ගේ පීඩනය කෙතරම් නම් ඉහළ ගොස් ඇත්දැයි හෙළිවන මෙම පුවත මිනිස් ජාවාරම තවමත් ලෝකයේ පවතින බවට කදිම සාක්ෂියකි.
Share This Article