යහළුවාගේ බිරිඳ දූෂණය කර අන්තර්ජාලයට යොමු කළ නරුම යහළුවන් දසදෙනා
Thursday, 27 April 2017 - 11:49 | Views - 8,345
ගම්පොළ සිංහාපිටිය ප්‍රදේශයේ තරුණ මවක් දස දෙනකු අතින් සමූහ දූෂණයට ලක්වීමේ සිද්ධියක් හා එම සිද්ධිය අන්තර්ජාලයට යොමු කළ අය ගැන විශේෂ පොලිස් පරීක්ෂණයක් අරඹා තිබේ.

ආබාධිත යුද හමුදා සෙබළකුගේ බිරියක බව කියන මෙම එක් දරු මවට මෙම හිංසනයට ලක්වන්නට සිදුව ඇත්තේ සෙබළාගේම හිතවතුන් 10 දෙනෙකු නිසාය.

ඔවුන් තම සැමියා සමඟ මත්පැන් බීමට එකතු වූ තරුණයන් දස දෙනකු බව ඇය පොලිසියට දන්වා ඇත.

සැමියා නිවෙසේ නොමැති අවස්ථාවක් බලා නිවසට පැමිණ එම 10 දෙනා එකින් එක්කෙනා බැගින් පැමිණ තමා සමග අඹුසැමි හැසිරීමක නිරතවූ බවත් මෙම අපරාධය සිදු කරන අවස්ථාවේ ජංගම දුරකථන මගින් එය වීඩියෝගත කිරීමටද ඔවුන් කුරිරු ලෙස කටයුතු කළ බවත් ඇය පවසා තිබේ.

මීට වසරකට පමණ එපිට සිදුවූ අතවර සිද්ධිය සම්බන්ධයෙන් ඇය අනතුරුව ඒ දිනවලම ඥාතීන්ද දැනුවත් කර ගම්පොළ පොලිසිය වෙත පැමිණිලි කර තිබෙන අතර පොලිසිය විමර්ශනය කොට ඊට අදාළ දස දෙනා අත්අඩංගුවට ගෙන තිබුණි. පසුව ගම්පොළ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔවුන් සියල්ල රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

කෙසේ වෙතත් ඔවුන් සම්බන්ධ නඩුව වසරක් තිස්සේ විභාග වෙද්දී දිගින් දිගටම ඇප ලබාදී තිබුනේද නැත.රක්ෂිත බන්ධනාගාර ගතව දිගු කාලයක් එහි ගත කළ ඔවුන් පසුව පසුගිය මාසයේ ඇප ලබා එළියට ඇවිත් තිබේ.

අනතුරුව ඔවුන් මෙම කාන්තාවගෙන් පලිගැනීමේ අටියෙන් එම සමූහ දූෂණ වීඩියෝව අන්තර්ජාලයට මුදා හැර ඇතැයි කියැවේ.

ඇය නැවත වතාවක් පොලිසියට ගොස් මෙම හිරිහැරය දන්වා සිටින්නේ ඒ අනුවයි. ඇගේ පැමිණිල්ලට අනුව අපරාධ පරීකෂණ දෙපාර්තමේන්තුව විසින් විශේෂ පරීක්ෂණයක් දැන් අරඹා ඇත.

මීට වසරකට පෙර මෙම තරුණ මව සිය දරුවා සමඟ නිවෙසේ සිටියදී ප්‍රදේශයේ තරුණයන් ඇතුළු දස දෙනකු එක්ව සමූහ දූෂණයට ලක් කිරීමේ සිද්ධියෙන් පසු මෙම දස දෙනාගෙන් එක් අයකු හෝ කීප දෙනකු එක්වී මෙම වීඩියෝ දර්ශන අන්තර්ජාලයට දමන්නට ඇති බවට සැක කෙරේ.‍

මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරියක් ඇතුළු කණ්ඩායමක් ගම්පොළට පැමිණ මේ සම්බන්ධයෙන් සාක්ෂි සටහන් කරගෙන තිබෙන බවද වාර්තා වෙයි.


Share This Article
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top