අවුරුදු 4ක දරුවෙක් පණ පිටින් හම ගසා, ඇස් ගලවා හදවත කෑ තිරිසන් මාමා
Thursday, 27 April 2017 - 10:08 | Views - 102,406
දකුණු අප්‍රිකාවේ ප්‍රදේශයකින් වාර්තා වෙන මෙම පුවත මිනිසෙකුට කළ නොහැකි ආකාරයේ අමානුෂික ක්‍රියාවක්.

නිවසක සිටි අවුරුදු 4ක පිරිමි දරුවෙකු හදිසියේ අතුරුදන් වී තිබෙනවා.
නිවැසියන් මේ අතුරුදන් වූ දරුවා සොයන අවස්ථාවේදී ඔවුන්ට නෑදෑයකුගේ ගෙයක් පිටුපස තිබී
දරුවාගේ මළ සිරුර හමුවී තිබෙනවා.
ඒ වනවිටත් රුවාගේ ඇඟේ තිබුන හම, ඇස් සහ හදවත ඉවත් කර තිබූ බවයි පැවසෙන්නේ.

මළ සිරුර හමුවූ නිවසේ පොලිස් සෝදිසි කටයුතු සිදු කරද්දී විශාල වශයෙන් ලේ හැලුණු බිමක් ද හමු වී තිබෙනවා.
දරුවාගේ සිරුරෙන් ඉවත්කළ සම එම ගෙදර විසිත්ත කාමරයේ ද ඔහුගේ ඇස් නිවසේ තිබුණු බෝතලයක දමා තිබියදී හමු වී ඇත.

මේ ගෙදර ජීවත්වුණු දරුවාගේ මාම පවසා ඇත්තේ තමන් යක්ෂයින් අදහන නිසා ඒ වෙනුවෙන් කරන පූජාවකට පන පිටින් සිටියදී, මිනිසෙකුගෙන් ඉවත්කළ සමක් අවශ්‍යයි කියලයි. ඒ නිසා මේ දරුවා පැහැරගෙන විත් ඔහු පණපිටින් සිටියදී ම සම ඉවත්කලා කියල පවසා ඇත.

දරුවා වේදනාවෙන් හඬන හඬ අනෙක් අයට ඇහෙන එක වලක්වන්න ඔහුගේ කටට රෙදි පාන්කඩයක් ඔබා තිබ්බ කියලත් ඔහු කියනවා. දරුවාගේ හදවත කොහෙද අහද්දී ඔහු මුළුතැන්ගෙට ගොස් ආහාරයට ගෙන තිබූ මිනිස් හදවත පෙන්වා තිබෙනවා.

මේ මහ භයානක අපරාධය කළ ඔහු පොලිසියට කියන්නේ යක්ෂයා වෙනුවෙන් කළ මේ පූජාව නිසා දරුවටත් වුණේ යහපතක් කියලයි.

ඔහු දැඩි රැකවල් මැද මානසික ආබාධවලින් පෙලෙන අපරාධකරුවන් රඳවා තබන කුටියක තබා තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
Share This Article
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top