තුන් වසරක් වැසිකිළියක් මත ජීවත් වූ පුද්ගලයාට වුන වැඩේ
Wednesday, 26 April 2017 - 15:21 | Views - 3,587
මහජන වැසිකිළියක අට්ටාලය මත ජීවත් වූ පුද්ගලයෙකු ජපන් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ටකාෂි යමනෝචි නමැති මෙම පුද්ගලයා වසර තුනක කාලයක් නිරිතදිග ජපානයේ උසුකි ප්රදේශයේ පිහිටි මෙම මහජන වැසිකිළියේ ජීවත් වී ඇති බවයි වාර්තා වන්නේ.
එම වැසිකිළියේ අලුත්වැඩියා කටයුත්තක් සදහා පැමිණි විදුලි කාර්මිකයෙකු අදාල පුද්ගලයා වැසිකිළි අට්ටාලය මත ජීවත්වන බව දැක ඒ පිළිබදව පැමිණිල්ලක් කර ඇති බව සදහන්.
අත්අඩංගුවට පත් මෙම පුද්ගලයා පොලිසියට පවසා ඇත්තේ මීට පෙර එම ස්ථානයේ වෙනත් පුද්ගලයෙකු ජීවත් වූ බවත් එම පුද්ගලයා වෙනත් ස්ථානයකට ගිය පසු තමන් එම ස්ථානයේ පදිංචියට පැමිණි බවයි.
ගෑස් උඳුනක්, විදුලි තාපකයක් සහ ඇඳුම් පැළඳුම් සහිත මෙම වාසස්ථානය පිළිවෙළකට පවත්වාගෙන ගොස් ඇති බව සදහන්.
අට්ටාලය තුල තිබී ප්ලාස්ටික් බෝතල් 500ක් පමණ සොයාගෙන ඇති අතර ඒවා මුත්රා රැස්කිරීම සඳහා යොදාගෙන ඇති බවට පොලිසිය විශ්වාස කරනවා.
Share This Article