කාන්තාවක් සමූහ දූෂණයට ලක්කරමින් ෆේස්බුක් Live ඇවිල්ලා
Wednesday, 26 April 2017 - 13:33 | Views - 33,321
අධික ලෙස මත්පැන් සහ මත්ද්රව්ය ලබාදීමෙන් අනතුරුව සමූහ ලෙස කාන්තාවක් දුෂණය කළ තිදෙනෙකුට විදෙස් අධිකරණයක් මගින් දඬුවම් නියම කර තිබෙනවා.
අදාළ සිදුවීම වාර්තා වන්නේ ස්වීඩනයේ Stockholm ප්රදේශයෙන්.
මෙම පුද්ගලයන් විසින් අදාළ කාන්තාව දුෂණය කරන ආකාරය ෆේස්බුක් ඔස්සේ සජීවීව විකාශය කර තිබෙනවා.
මෙලෙස දඬුවම් නියම වී ඇත්තේ ඇෆ්ගනිස්තාන ජාතික 18 හැවිරිදි තරුණයන් දෙදෙනෙකුට සහ ස්වීඩන් ජාතික 24 හැවිරිදි තරුණයෙකුටයි.
අධිකරණයේදී ඔවුන් ප්රකාශ කර ඇත්තේ අදාළ කාන්තාවගේ කැමැත්ත සහිතව ඇය සමඟ ලිංගිකව එක්වූ බවයි.
පසුව සිදුකළ පරීක්ෂණ වලදී අනාවරණ වී ඇත්තේ එම කාන්තාව අධික ලෙස මත් වී සිට ඇති අතර අදාළ සිදුවීම පිලිබඳව ඇය නොදැනුවත් බවයි.
මෙලෙස දුෂණයට ලක්ව ඇත්තේ 30 හැවිරිදි කාන්තාවක්.
Share This Article