ලෝකයේ දෙවැනි ලාබාලතම තරුණ විද්‍යාඥයා ලංකාවෙන්
Wednesday, 26 April 2017 - 10:50 | Views - 13,228
පසුගියදා ජර්මනියේ ස්ටුට්ගාඩ් නුවරදී පැවැති ලෝක තරුණ විද්‍යාඥයන්ගේ සමුළුවේදී රුසියාව, ප්‍රංශය, ජර්මනිය ආදී ප්‍රබල රටවල් 40ක තරගකරුවන් 300ක් අතරින් කොළඹ නාලන්දා විද්‍යාලයේ 10 වසරේ ඉගෙනුම ලබන රකිඳු රන්දිව් වික්‍රමරත්න සිසුවා රිදී පදක්කම දිනා ගන්න සමත් වුණා.

මේ සිසුවා පාරිසරික විද්‍යා අංශයෙන් ඉදිරිපත් කළ පරිසර තත්ත්වයන් නිසා ගස්වල පරාග මත තැන්පත් වන වායු දූෂක මඟින් ඇදුම රෝගය වඩා තීව්‍ර වන බවට කළ පර්යේෂණයට මොහු තරගයෙන් රිදී පදක්කම හිමි කරගත්තා.

මේ තරගයට සහභාගි වූ ළාබාලතම තරුණ විද්‍යාඥයා වන්නේත් ඔහුයි. 2016 _ 2017 වසරේ දී ශ්‍රී ලංකාවේ ජාතික විද්‍යා පදනම මඟින් පැවැත්වූ හොඳම තරුණ විද්‍යාඥයා තේරීමේ තරගයෙන් ඔහු ප්‍රථම ස්ථානය ලබා ගත් අතර ලෝක තරුණ විද්‍යාඥයන්ගේ සමුළුවට සම්බන්ධ වීමටද ඔහුට හැකියාව ලැබුණා.

තරුණ විද්‍යාඥයන්ගේ සමුළුව 24 වැනි වතාවට මෙවර ජර්මනියේ පැවති අතර ලංකාවෙන් ඒ සඳහා තරගකරුවකු සහභාගි වී ඇත්තේ ප්‍රථම වතාවටයි.

ජාත්‍යන්තර මහාචාර්යවරුන්ගෙන් සමන්විත විනිශ්චය මණ්ඩලයක් විසින් පසුගිය 16 වැනිදා සිට 21 දින දක්වා සතියක් පුරාවට මේ තරගය විනිශ්චය කළ අතර දකුණු ආසියාවෙන් මේ තරගය සඳහා සහභාගි වී ඇත්තේ ඉන්දියාව පමණක් බවත් වාර්තා වෙනවා.

Share This Article
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top