කේම්බ්රිජ් විශ්වවිද්යාලයේ පර්යේෂකයින් පිරිසක් ප්ලාස්ටික් සහ පොලිතීන් අනුභව කරන දළඹුවෙකු සොයා ගැනීමට සමත් වී තිබෙනවා.
මී වදවල ඇති ඉටි අනුභව කළ හැකි මෙම දළඹුවන්ට ප්ලාස්ටික්ද අනුභව කළ හැකි බවයි ඔවුන් වැඩිදුරටත් පවසන්නේ.
පරීක්ෂණ වලින් අනාවරණය වී ඇති පරිදි මෙම දළඹුවන්ට ප්ලාස්ටික් වල ඇති රසායනික බන්ධන බිඳ දැමීමේ හැකියාවක්ද පවතිනවා.
සෑම වර්ශයකම ලොව පුරා නිෂ්පාදනය වන ප්ලාස්ටික් හා පොලිතීන් ප්රමාණය ටොන් මිලියන 80 ක් වන අතර පොලිතීන් මලු සහ ආහාර ඇසුරුම්කරණය සඳහා ප්ලාස්ටික් බහුලව යොදා ගත්තත් ඒවා දිරාපත් වීම සඳහා අවුරුදු සිය ගණනක් ගත වෙනවා.
"ගැලේරියා මෙලොනෙල්ලා" යන විද්යාත්මක නාමයෙන් හඳුන්වන මෙම දළඹුවාට පැයක කාලයක් ඇතුළත ප්ලාස්ටික් මලුවල සිදුරු තැනිය හැකි බව විද්යාඥයින් පවසා තිබෙනවා.
ඒ අනුව විද්යාඥයින් විශ්වාසය පළ කරනුයේ මෙම දළඹු විශේෂය ප්ලාස්ටික් ගැටලුවෙන් මිදීම සදහා ප්රධාන කාර්යභාරයක් ඉටු කරනු ඇති බවයි.
මෙහි රසායනික ක්රියාවලිය හඳුනා ගැනීමෙන් පරිසරය තුළ ප්ලාස්ටික් අපද්රව්ය කළමනාකරණයට විසඳුම් ලබා දිය හැකි බවට විද්යාඥයෝ අදහස් පළ කරනවා.
