ප්ලාස්ටික් සහ පොලිතීන් ආහාරයට ගන්නා දළඹුවා
Wednesday, 26 April 2017 - 9:42 | Views - 2,383
කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයින් පිරිසක් ප්ලාස්ටික් සහ පොලිතීන් අනුභව කරන දළඹුවෙකු සොයා ගැනීමට සමත් වී තිබෙනවා.
මී වදවල ඇති ඉටි අනුභව කළ හැකි මෙම දළඹුවන්ට ප්ලාස්ටික්ද අනුභව කළ හැකි බවයි ඔවුන් වැඩිදුරටත් පවසන්නේ.

පරීක්ෂණ වලින් අනාවරණය වී ඇති පරිදි මෙම දළඹුවන්ට ප්ලාස්ටික් වල ඇති රසායනික බන්ධන බිඳ දැමීමේ හැකියාවක්ද පවතිනවා.

සෑම වර්ශයකම ලොව පුරා නිෂ්පාදනය වන ප්ලාස්ටික් හා පොලිතීන් ප්‍රමාණය ටොන් මිලියන 80 ක් වන අතර පොලිතීන් මලු සහ ආහාර ඇසුරුම්කරණය සඳහා ප්ලාස්ටික් බහුලව යොදා ගත්තත් ඒවා දිරාපත් වීම සඳහා අවුරුදු සිය ගණනක් ගත වෙනවා.

"ගැලේරියා මෙලොනෙල්ලා" යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන මෙම දළඹුවාට පැයක කාලයක් ඇතුළත ප්ලාස්ටික් මලුවල සිදුරු තැනිය හැකි බව විද්‍යාඥයින් පවසා තිබෙනවා.

ඒ අනුව විද්‍යාඥයින් විශ්වාසය පළ කරනුයේ මෙම දළඹු විශේෂය ප්ලාස්ටික් ගැටලුවෙන් මිදීම සදහා ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරනු ඇති බවයි.

මෙහි රසායනික ක්‍රියාවලිය හඳුනා ගැනීමෙන් පරිසරය තුළ ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණයට විසඳුම් ලබා දිය හැකි බවට විද්‍යාඥයෝ අදහස් පළ කරනවා.


Share This Article
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top