වෙනම ජීවත්වෙන අලුත බැඳපු ජෝඩුවලට වෙන පාර්ශවයන්ගෙන් එදිනෙදා එන ප්රශ්න
Tuesday, 25 April 2017 - 12:38 | Views - 4,406

මේ කියන්න යන්නෙ දිවි නහගන්න තරම් ප්රශ්න නොවුනත් මේ ප්රශ්න නිසා අඩු වැඩි වශයෙන් ජෝඩු අතරේ ආරවුල් සිද්ධ වෙන්න පුළුවන්.
ආරවුල් කියන්නෙ ඉතිං පුංචි පුංචි කතාබහ තමයි. ඒ වුනාට සතුටින් ඉන්න ජෝඩුවකට එහෙමවත් අවුලක් ඕන නැහැනෙ. මිනිස්සු තමුන්ගෙ පාඩුවෙ නොඉන්න එක ලොකු අවුලක්. තමුන්ගෙ ජීවිතේ අවුල් තියාගෙන අනුන්ගෙ ජීවිතවල ඇඳ හොයන්න යන එක කවදාවත් හදාගන්නෙ නැති අවුලක්. මේ කියන්න යන්නෙ ඒ වගේ දේවල් ගැන.
1. සිවිල්
ඔය අලුත කසාද බැඳපු අය දන්නව තමුන් වෙනම ජීවත් වෙනවනං කවදාවත් රෙදි ඇඳගෙන හිරකරගෙන ඉන්නෙ නැහැ කියල. ඒ අය ඉතිං ඉන්නෙම සිවිල් පිට තමයි. ඒ නිසා එහෙම අයට කරදර කරන්න හොඳ නැති විත්තිය කට්ටිය දැනගන්න ඕන. ඕක කොච්චර දන්නව වුනත් වටපිටාවෙ උන්දලා ඔය ආතල් එක කන එකමයි වැඩේ. ඕක හිතලම කනවදත් කියල හිතෙන්නෙ කිසිම අවශ්යතාවයක් නැති බොරු දේවල්වලටත් දොරට තට්ටු කළාමයි. දොරට තට්ටු කරාම හදිස්සියෙ ඇඳුම් අඳින්න වෙන එකයි වසංගතේ. ඉතිං හදිස්සියෙ ඇඳුං ඇඳගෙන පඩිපෙල් බැහැගෙන ගිහිල්ලා බැලුවාම එහා ගෙදර එකා අහපි පුතා ඔයාලට කරන්ට් තියෙනවද? කියල. ඉතිං කොල්ලට හිතෙනව අංකල්ව විදුලි පුටුවෙ ඉන්දන්න.
2. යුගලාසන දේශණා
ආතල් එකේ ඉන්න කාලෙ තනියම ඉන්නව කියල දැනගත්තම සමහර ඉරිසියාකාරයො එනව ගෙදර. මේ වගේ අයට ඕන කෙනෙක් අයිති වෙන්න පුළුවන්. එන්නෙ ආතල් එකේ ඉන්නව කියල දැනගත්තම කාල ඇඳලා ඉන්න බැරුව. ඒ අයට ඕව කියල ඔලුවලට ඉරිසියාව දාන්නත් තවත් අය ඉන්නවා. ඉතින් මේ බුවාලා ඇවිල්ලා කරන්නෙ පුටු දෙකේ වාඩි වෙලා අපෙන් අහනව විස්තර. මොනවද කෑවෙ? කොත්තු. කොහෙන්ද? කඩෙන්. බඩේ අමාරු හැදෙන්නැද්ද? හැදෙනවා. අර එළියෙ බෝතල් වගයක් තියල තිබ්බෙ? අපි බීපුව තමයි. මෙහෙම පටන්ගන්න ටෝක ඉවරවෙන්නෙ, ළමයි හදලා ලොකු මහත්කරනකං ටෝක් දුන්නට පස්සෙ. මේ ඔක්කොම වෙන්නෙ වෙනම ගෙදරක ඉද්දි. අම්මල එක්ක ඉන්නවනං වෙනිං අයට බණ කියන්න ඉඩක් නැති වෙනවනෙ. ඒ නිසා දෙන්න එක්ක තනියම වෙනිං ගෙදරකට යද්දි ඔය ඕන්නැති ඉරිසියාකාරයො මග ඇරලම ඉන්න උත්සහ කරන්න.
3. ආදරයේ ඵල නෙලීම
ඔන්න ඉතිං වෙනම ඉන්නකොට මුල් කාලෙ වෙන දෙයක් තමයි ඕක. නිවාඩු ඔක්කොම ඇඳටම දියවුනා මදිවට සඳුදා උදේට ඇහැරෙන්නෙම පරක්කු වෙලා. ඔෆිස් යන්න ඇඳගෙන බිරින්දෑ රෑ ඇඳුම පිටින් කෑම එක අරන් එනකොට ම්වාහ් ගාලා දොරෙන් පැනල යන්න තරම් අපි ආත්මාර්ථකාමී නෑ ආයිබොවන්ඩ. ඉතින් දෙන්න එක්ක ආයි ඇඳේ. ඔන්න ඉතිං දැන් වෙනදට වඩා පැයක් පරක්කුයි. කමක් නෑ කියල උදේට ඔතල දීපු කෑම එක ඇඳේම තියාගෙන කනවා. ඔන්න ඉතිං හිත පිරෙන්න ආදරයේ ඵල නෙලලා, බඩ පිරෙන්න බත් කෑවම, ඊයෙ රෑ බීපුවත් එක්කම ආයෙත් කොල්ල නිදි. සතියෙ පටන් ගන්න දවස වෙච්චි, සඳුදා දවල් වෙලා ඔෆිස් යන්න හොඳ නැති නිසා ඔන්න ඔහේ දානව නිවාඩුවක්. ඔන්න ඔහොමයි මං මේ අවුරුද්දට හත්වෙනි පාරටත් ලොක්කගෙන් බැනුම් ඇහුවෙ.
Share This Article