ඔබේ බිරිඳට කිසි විටකත් නොකිය යුතු කාරණා 10 ක් මෙන්න
Monday, 24 April 2017 - 19:20 | Views - 78,964
සමහර වෙලාවට ඔබේ බිරිඳ තරමක් කනස්සල්ලෙන් ඉන්නේ ඇයි කියලා ඔබට වටහා ගන්න අමාරු වෙන්න පුළුවන්. ඒ නිසා ඔබ නොකියයුතු සමහර දේවල් ගැන අවබෝධයක් ලබාගැනීම වැදගත් වේවි.

ඔච්චර ෂොපින් යන්නේ මොකටද ?

මේ ප්‍රශ්නය ඔබේ බිරිඳට හුඟක් දුක හිතෙන වගේම කේන්ති යන ප්‍රශ්නයක්. ඒ වෙනුවට අපි දෙන්නම් ෂොපින් යමුද කියලා ඇහුවොත් ඇය හුඟක් සතුටු වේවි. නැතිනම් ඒ වගේම ඒක ටිකක් ලස්සනට කියන්න පුළුවන් නම් වඩා හොඳ වේවි.

ඔයා ටිකක් කෑම කන එක අඩු කළානම් හොඳයි

ඔබ එය නරකට නොකීවත් ඉන් ඔබ ඇය තරබාරු යැයි හැඟවීමක් කළා යැයි සිතෙන්න පුළුවන්. ඇය දැන් තරමක් මහත් වී ඇතැයි ඔබට සිතුනත් එය ඍජුවම නොකියා අපේ කෑම රටාව ටිකක් වෙනස් කළොත් හොඳ බව, නැතිනම් අපි දෙදෙනාම හවසට ඇවිදින්න යමු? වගේ යෝජනාවක් තුළින් ඇයට එය ඉඟි කරන්න පුළුවන්. එය ඇයට සතුටක් ගෙන දේවි.

කරදර කරන්න එපා

ඔබේ බිරිඳ ඔබව කේන්ති ගස්වනවා කියා සිතුනත් ඇයට එසේ නොසිතෙන්න පුළුවන්. ඇය ඔබෙන් ඔබේ දවස ගැන ආදරයෙන් ඇසුවත් ඇය උවමනාවට වඩා ප්‍රශ්න කරන බවත් ඔබට හැංගෙන්න පුළුවන්. නමුත් කරදර නොකර ඉන්න වැනි පිළිතුරකින් ඇයටත් කේන්ති එනවා වගේම එය ගැටුමකට මූලාරම්භයක් වන්නටත් පුළුවන්.

මොකක්ද ඔය ඇඳගෙන ඉන්න එකේ හැටි

ඔබේ බිරිඳ ඇය ඇඳගෙන ඉන්න ඇඳුම් ගැන ඔබ ගෙන් ඇසුවොත් එය හොඳ නැත්නම් ඔබ ඒ ගැන කතා කරන්න එපා. එය ඇයට කරන මදි පුංචි කමක් යැයි ඇය සිතන්න පුළුවන්. ඒ වෙනුවට ඔබට වෙනත් ඇඳුමක් යෝජනා කරන්න පුළුවන්. ආ…අර අපේ වෙඩින් ඇනිවසරි  එකට ඇන්ඳ ගවුම හරි ලස්සනයි ඇයි ඔයා එක අඳින්නේ නැත්තේ? වැනි ලෙස අහන්න පුළුවන්.

අද දවස තිස්සෙම ඔයා මොනවද කළේ ?

මෙය ඔබේ බිරිඳ ඇයට කරන පහරක් ලෙස සිතනවා. මුළු දවසම ඔබේ බිරිඳ කිසිවක් කරලා නෑ වගේ කතා කරනවාට වඩා එය තරමක් ප්‍රසන්න ආකාරයෙන් විමසන්න. ඉන් ඇයව කෝප ගන්වනවාට වඩා ධනාත්මක ලෙස ඇයට කතා කරන්න.

ඔයා මගේ සෝදපු මේස් කොහෙද දැම්මේ ?

ඔබට ඔබේ මේස් කුට්ටම සොයාගන්න උවමනාවෙන් මෙහෙම ඇහුවට නෝනා හිතන්නේ ගෙදර ඔබේ රෙදි සෝදන එක, පිරිසිදු කරන එක ඇරෙන්න වෙන වැඩක් ඇයට නැති බව ඔබ සිතන බවයි. මේ සංවේදී හැඟීම් අවුස්සනවාට වඩා ඔයාට මතකද මගේ සෝදපු මේස් තියෙන තැන වගේ ලස්සන ප්‍රශ්නයක් අහන්න පුළුවන්.

ඔයාගේ කෑම ටිකක් අපේ අම්මා උයන කෑම වගේ

ඔබේ බිරිඳ සකසන කෑම වෙනත් අය සමග සැසඳීම ඇය තුළ අසතුටක් ඇති කරන්න සමත් වෙනවා. මෙය ලොකු වචන හරඹයක ආරම්භයක් වෙන්න පුළුවන් වගේම එය ඔබේ හැඟීමක් වුවත් එයට ඔබේ බිරිඳ සතුටු වන්නේ නැහැ.

මගේ ඉස්සර Girlfriend/බිරිඳ නම් මේ වගේ දේවල් කරන්නේ නෑ

ඔබ දෙවන වර විවාහය වූ අයෙක් නැත්නම් පෙර පෙම්වතියක් සිටි අයෙකු නම් ඇය සමග ඔබේ බිරිඳ සසඳන්නට යාම ඇයට කේන්ති එන්න පුළුවන්. අනවශ්‍ය  ආරවුලක මුල වගේම ඇයට තරහවක් හා ඉරිසියාවක් ඇති වෙන්න පුළුවන්.

හැම තිස්සෙම ඔහොමයි

ඔයා හැමතිස්සෙම ඔහොමයි. වගේ දේවල් කියන කොට ඇයට ඇයව තේරුම් කරන්න හේතු හොයන්න වෙනවා. මෙලෙස ප්‍රශ්නයකට පිවිසීම වෙනුවට අතීතය හාරා නොඅවුස්සා ප්‍රශ්නය පැහැදිළි කිරීම වැදගත්.

මට වැඩ

මේ කතාව ඔබේ ස්වරය සමග වෙනස් වෙන්න පුළුවන්. ඍණාත්මක ස්වරයක් ඔබේ බිරිඳට කේන්තියට පත් කරන්න පුළුවන්. එය ස්වරය අනුව ඇය හඟවන්න පුළුවන් ආකාරය වෙනස් බව තේරුම් ගන්න.

- උපුටා ගැනීම අන්තර්ජාලයෙන් -
Share This Article
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top