අතිශයින්ම කාන්තාවන්ට පමණයි
Monday, 24 April 2017 - 18:17 | Views - 29,989

තරුණියකට සිනහව ආභරණයක්. ඇයගේ සිනහව කෙනෙකුගේ ආදරය දිනා ගැනීමට වගේම දුක පහව යාමටත් හේතු වෙනවා. ඒ වගේම නීරෝගී ලස්සන පෙනුමක් ලබාදෙන්නත් සිනහව දරන්නෙ නොමසුරු දායකත්වයක්. ප්‍රියමනාප සිනාපිරුනු මුවක් දකින්නන්ට පවා සෙත සලසනවා කියලයි අතීත ජන වහරේ පවතින්නේ.
ඇතැම් ජනප්‍රිය කාන්තාවන් ගත් කල ඔවුන් වැඩිදෙනෙකුගේ ඇති රහස සිනහවයි. ඒ වගේම සුහදශීලී සිනාපිරි මුවක් පිරි තරුනිය හෝ කාන්තාව අන් සියලුදෙනාගේම සිත්ගත් තැනැත්තියක් වනවා. එහෙත් මේ කතාකරන්නේ හදවතින් උපදින අව්‍යාජ සිනහව ගැනයි.
ශාරීරිකව ගත් කල සිනහව තුළින් මුහුනේ මස්පිඩු ශක්තිමත් කර රුධිර සංසරන පද්ධතියේ මනා ක්රියාකාරීත්වයක් ඇතිකරනවා. ලස්සන සිනහවක් හිමි කාන්තාව නිතැතින්ම වාසනාවන්තියක් කියලයි පැරැන්නන් පවා විශ්වාස කරන්නේ. එහෙත් ලස්සන හිනාව කිසිදාක තවත් අයකුගේ හිත තලා පෙලා දැමීමට භාවිත නොකල යුතුයි. ඒ සිනහව නියත වශයෙන්ම ඔබ යොදාගත යුත්තේ යහපත් දෙයට පමණයි.
ඇතැම් කාන්තාවන්ගේ පවුල් ජීවිත නිරන්තර ආරවුල් වලින් පිරී පවතින අතර ඇතැමුන්ගේ ජීවිත ඉතා වයෝ වෘද අවධියේ පවා ගත වෙන්නේ ඉතාමත් සතුටින්. මේ ගොඩක් දේට හේතු සොයා බැලීමේදී අනාවරන වෙලා තියෙන්නේ තරුනියන්ගේ අවබෝධය සහ තේරුම්ගැනීමයි. ගොඩක් දෙනෙකුගේ පවුල් ජීවිතය රැක ගැනීමේ වගකීම සැලකිය යුතු ප්‍රමාණයක් කාන්තාවන්ටත් හිමිවෙනවා.
තම සැමියා රැකියා ස්ථානයේ ගත කරන කාර්ය බහුලත්වය තේරුම් ගැනීම සහ ඔහුගේ හිතමිතුරන් හදුනා ගැනීම තරුනියකට ඉතා වැදගත්. ඔහු නිවසට පැමිණි විට සිනා මුවින් ඔහු පිළිගැනීම තුළින් මුලු දිනය පුරා ඔහු මානසිකව විදි දැඩි පීඩාවන් නැතිකර දැමීමට හේතුවෙනවා. ඒ වගේම තරුණියක ගත්කල පෙම්වතා පවා නිතර අවිශ්වාස කිරීමෙන් වැළකීම වැදගත්. ඒ වගේමයි ඔවුන්ගේ කිසියම් ගැටලුකාරී ප්‍රශ්න කාරී හැසිරීම් දුටුවහොත් සැකකිරීමකින් තොරව ඔහු සමග සාකච්ඡා කරන්න.
ප්‍රශ්න ගැටලු සිතේ තැන්පත්ව තිබුනු අවස්ථාවලදී පවා සිනහ වීමට උත්සාහ කරන්න. ඒ තුළින් ඔබේ හදවතට දැනෙන සැනසීම වෙනත් කිසිවක් නිසා ලබාගැනීමට හැකියාවක් නැහැ. එහෙත් මතක තබාගන්න ඔබ සෑමවිටම හිනැහෙන්න අව්‍යාජව – හදවතින්ම.
Share This Article