දරුණු සැමියන් තුළ බහුලව දක්නට ලැබෙන ගති ලක්ෂණ 7 ක් මෙන්න
Monday, 24 April 2017 - 13:26 | Views - 85,559
1. ඔවුන් තුළ ඉරිසියාව හා පාලනය දකින්න පුළුවන්

සැමියෙක් තමන්ගේ බිරිඳව විශ්වාස නොකරන විට ඔවුන් බිරිඳ කෙරෙහි ඉරිසියා හිතනවා වගේම අනුමාන කරන්නත් ගන්නවා. ඇය කියනවා මෙවැනි සැමියන් නිසා බිරින්දෑවරුන්ට සිහින කැප කරන්නත් ඔවුන්ගේ රැකියාව, ජිවිතයේ නිදහස නැති කරගන්නත් වෙනවා.

2. ඔවුන් තේරුම් ගන්න බැහැ

මෙවැනි සැමියන් ඔවුන්ගේ බිරිඳව වැදගත් යැයි සලකන්නේ නැහැ. අයගේ හැඟීම් දැනීම් ගැන ඔහුට කිසිදු තැකීමක් නැහැ. ඔවුන් ඉතා ආත්මාර්ථකාමී ලෙස ජිවත් වන අතර කිසිවිටෙක බිරිඳගේ යහපත් දේ ඇගැයීමකට ලක් කරන්නේ නැහැ. ඇයව ඉවත දැමු අයෙකු ලෙස සලකනවා.

3. නිතරම විවේචනය කරනවා

ඔහුට බිරිඳ කරන කිසිම දෙයක් හොඳක් ලෙස පෙන්නේ නැහැ. මෙවැනි අය කුමක් හෝ දෙයක් වරදක් ලෙස අරගෙන විවේචනය කරනවා. මොකද ඔහු හැමදෙයකම වැරදී පැත්ත විතරයි දකින්නේ. ඔහු කිසි විටෙකත් වැරද්දක් බාර ගන්නේ නැහැ. හැමදේම බිරිඳ පිට පටවනවා.

4. ඔවුන් අවිචාරවත් අශෝභන දේවල් බලන්න කැමතියි (porn)

මෙමගින් ඔවුන් තම බිරිඳට ගෞරවයක් නැතිකම හා නොහැදියව හොඳින් පෙන්නුම් කරනවා.

5. ඔවුන් හරිම නපුරුයි

ඔවුන්ගේ කතා විලාශය හරිම රළුයි. ඔවුන් හැමවිටම බුම්මගෙන, නපුරු වචන කතා කරමින් ප්‍රචණ්ඩ ලෙස හැසිරෙනවා.

6. කිසි විටෙකත් සහයෝගයක් නැහැ

සමහරුන් පවුලේ ආර්ථිකයට කිසිදු සහයක් දෙන්නේ නැහැ. නමුත් ලෝකය හිතන්නේ ගෙදර වෙනුවෙන් ඔවුන් හැමදේම කරනවා කියලයි. මෙවැනි අය යාළුවන් සමග විනෝද වෙමින්, කකුල් දෙක පුටුවක් උඩ තියාගෙන, සැහැල්ලුවෙන් ඉන්න තමයි බලන්නේ. ඔහු බිරිඳටවත් උදවුවක් කරන්න බලන්නේ නැහැ.

7. ඔවුන් බොරු මවනවා සහ අනාචාරයේ හැසිරෙනවා

මොවුන් කිසි විටෙකත් සත්‍ය කියන්නේ හෝ පෙන්වන්නේ නැහැ. ඒ නිසාම නිතරම බොරු කියනවා. මෙම සැමියන්ගේ නුගත් බව හා නොපැසුණු බව නිසා මෙසේ කරන බව ඇය පවසනවා.

සතුටින් ඉන්න නම් හැම පවුලකම පදනම දරුවන් සහ බිරිඳ බව ඔවුන් තේරුම් ගන්නේ නැහැ. මෙවැනි සැමියන් හා ජිවත්වන බිරින්දෑවරුන්ට අවසානයේ ඉතිරි වන්නේ පසු තැවීම, අසතුට හා අනාරක්ෂිත බව විතරයි.

- උපුටා ගැනීම අන්තර්ජාලයෙන් -
Share This Article
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top