ඔබ ඇසුරු කරන මිත්‍රයා කළණ මිත්‍රයෙක්ද? පාප මිත්‍රයෙක්ද?
Monday, 24 April 2017 - 12:05 | Views - 3,894
අපේ ජීවිතේ ඕනෑ තරම් යාළුවෝ අපිට ඉන්නවා. සමහර අය අපේ ජිවීතේ හොඳ අතට වෙනස් කරනවා. සමහර අය අපේ ජීවිතේ විනාශය කරාගෙන යනවා. ඉතින් අප දැනගන්න ඕනේ යාළුවන් තෝරා බේරාගෙන අපේ ජීවිතයට ගැලපෙන ආකාරයට තබාගන්න.

මේ ලිපියෙන් කියවෙන්නේ එසේ තමන් ඇසුරු කරන යාළුවන් කොහොම කෙනෙක්ද කියා සොයාගන්නා ආකාර කිහිපයක් ගැනයි.

01. ඔබේ සතුටේදී

කලණ මිතුරන්
ඔබේ සතුටට හවුල් වී ඔවුනුත් සතුටුවෙයි. ඒ සතුට කල් පවත්වාගෙන යන්නේ කෙසේද, ඒ සඳහා තමන්ගෙන් පාර්ශවයෙන් විය යුත්තේ කුමක්ද කියා කල්පනා කරන ඔවුන් ඒවා නොපිරිහෙලා ඉටු කරයි.

පාප මිතුරන්
ඔබේ සතුට ඔවුන්ට කරදරයකි. ඔවුන් ඔබේ සතුට ගැන විවිධ කේලම් සහ චෝදනා කරනු ඇත. ඔබ දුක්වන්නේ යම් තරමකටද ඔවුන් එයින් උත්තේජනයක් ලබති.

02. ඔබට ප්‍රශ්නයක් වුනාම

කලණ මිතුරන්
ඔබ වෙනුවෙන් පෙනී සිටියි. කිසිම අවස්තාවක ඔබව තනි නොකරයි. ඔබේ මානසිකත්වය වැටෙන්නට නොදී තබාගනියි.

පාප මිතුරන්
ඔබේ කරදරය ඔවුන්ට ශක්තියකි. ඔවුන් ඔබේ මානසිකත්වය වට්ටන්නට කටයුතු කරන අතර ඔබේ ප්‍රශ්නය දැක තුටු වෙයි.

03. ඔබේ දුකේදී

කලණ මිතුරන්
ඔබේ දුක නිවන්නට ඔබ හා සිටියි. ඔබේ සිත කය දෙකම ශක්තිමත් කරන්නට කල හැකි සෑම දෙයක්ම කරයි. ඔබ තරමට ම ඔබ ගැන ඔවුන් දුක්වෙයි.

පාප මිතුරන්
ඔබේ දුක ඔවුන්ට සතුටකි. ඇසෙන් වැටෙන කඳුලක් පාසා ඔවුන්ගේ සතුට වැඩි දියුණු වෙයි. තව තවත් ඔබව දුකට ඇද දමන්නට උත්සහ කරයි.

04. ප්‍රේම සම්බන්ධතාවකදී

කලණ මිතුරන්
ඔබේ සම්බන්ධය ගැන හදවතින්ම සතුටු වෙයි. එහෙත් ඔබට නොගැලපෙන සම්බන්ධයක සිටියි නම් ඒ පිළිබඳව ද ඔබට අනතුරු හඟවයි. ඒ වගේම ඔබට උවමනා කරන උපදෙස් රැකවරණය ඔවුන් ලබා දෙන්නේ තමන්ගේ එක කුස උපන් සහෝදරයෙක් ලෙසයි.

පාප මිතුරන්
ඔබට නොගැලපෙන්නක් නම් එයටම ඔබේ සිත යොදවා ඔබව අතරමන් කිරීමට උත්සහ කරයි. කොතරම් නොගැලපෙන්නක් වුව ඔබට එය ගැලපෙනම බව කියා ඔබේ හිස මුදුනත දැමීමට දක්ෂය.

05. ඔබට තනිවම සිටින්නට උවමනා වුනවිට

කලණ මිතුරන්
ඔබේ නිදහස ඔබට දී ඔවුන්ගේ පාඩුවේ ඔවුන් සිටියි. යමෙකුට හුදෙකලාවේ සිටින්නට උවමනා වන්නේ තමන් ගේ හිත සමඟ තමන්ට හුදෙකලා වන්නට අවශ්‍ය නිසා බව ඔවුන් දනී.

පාප මිතුරන්
ඔබේ වෙලාව සහ ඔබේ අවශ්‍යතා ගැන කිසිදු ආකාරයක සැලකිල්ලක් නොදක්වා ඔවුන්ගේ සුඛ විහරණය ගැන පමණක් සිතා කටයුතු කරති. මෙවන් මිතුරන් ආශ්‍රය කරනා විට ඔබට ඇති වන්නේ ආතතියකි.

- උපුටා ගැනීම අන්තර්ජාලයෙන් -
Share This Article
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top